ඉසුරු උදාන විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවිම වාර්තා කරයි..

මෙවර කැරබියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ හතරවන තරගය ලෙස ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන නියෝජනය කරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල හා ශ්‍රි ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන  බාර්බඩෝ රෝයල්ස් අතර පැවති තරගයේදි  ඉසුරු උදාන තම විස්සයි විස්ස දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරන්න අද සමත් උනා.

එම දක්ෂතාවය හේතුවෙන් එම තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා..

ඉසුරු උදාන යැවූ පන්දු වාර හතර තුල ලකුණු 21 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වු අතර මෙය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස්ක න්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෙක් යැවු හොදම පන්දු වාර හතර වීමද විශේෂයක්.

කැරබියන් ප්‍රිමියර් ලිග් ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ 6 වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය වනවා.

ඉසුරු උදාන ලබාගත් කඩුලු 5 පහතින්..

Leave a Comment

Exit mobile version