ඉන්දියානු සංචාරය සදහා කලකට පසු නව ක්‍රිඩකයින් 13 කට වැඩි ගණනක් මුලික සංචිතයට

..

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය මේ මස (ජුලි) 13 වන දින ආරම්භ විමට නියමිතය.. එම සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ඇතුලත් වී තිබෙන අතර මේ වනවිටත් එම සංචාරයට සහභාගි වන ඉන්දියානු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

මේ වන විටත් ශ්‍රි ලංකා ක්‍රිඩකයින් එංගලන්ත සංචාරයට එක් වී සිටින අතර ඉන්දියානු තරගාවලිය සඳහා සූදානම් වීම සඳහා කලකට පසු නව ක්‍රීඩකයින් 13 කට ආසන්න ප්‍රමාණයක් මුලික සංචිතයට කැදවා ඇති අතර ඔවුන් කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හොටලය තුල නිරෝධායනයට එක් කර ඇත.. එම ක්‍රිඩකයන් වන්නේ,

අෂාන් ප්‍රියංජන්
මලින්ද පුෂ්පකුමාර
ළහිරු ගමගේ
අසේල ගුණරත්න
ඇන්ජලෝ පෙරේරා
සඳුන් වීරකොඩි
මිලින්ද සිරිවර්ධන
දිල්ෂාන් මුණවීර
චතුරංග ද සිල්වා
රොෂෙන් සිල්වා
ප්‍රභාත් ජයසූරිය
ලහිරු මදුශංක
ජෙෆ්රි වැන්ඩසේ මෙන්ම තවත් ක්‍රිඩකයින් කිහිප දෙනෙකුම මුලික සංචිතයට කැදවා ඇත..
මෙම ක්‍රීඩකයින්ට ක්‍රිකට් තේරීම් කමිටුව දැනුම් දී ඇත්තේ යම් හෙයකින් ( කොන්ත්‍රාත් වලට ඇතුළත් කර සිටින ක්‍රීඩකයින් ) කොන්ත්‍රාත් වලට අත්සන් නොකරන්නේ නම් ඒ සදහා ආදේශ කර කරන බවයි.
ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා නැවත කැඳවනු ඇතැයි අපේක්ෂා කළ ජ්‍යෙෂ් ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණරත්න, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිමාන්න හට මේ වනතෙක් ජෛව බුබුලකට පිවිසීමට හා පුහුණු වීම් සදහා ආරාධනා කර නොමැත.

Leave a Comment