ඉන්දීය ප්‍රබල ක්‍රිඩයකයන් අටදෙනෙකුට ශ්‍රි ලංකාවට එරෙහි ඉදිරි විස්සයි විස්ස තරග දෙකම අහිමි වෙයි…

ඊයේ දින ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍ය හට කොරෝනා වෛරසය ආසාධනය වීමත් සමඟ ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස ගැටුම අද දින දක්වා කල් දැමීමට තීරණය කළහ. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය.මෙහිදී ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කණ්ඩායම් දෙකෙහිම  වෙනස් කම් කිහිපයක් සිදු වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ:
කෘනාල් පාන්ඩ්‍ය හට කොරෝනා වෛරසය ශරිර ගත වීමත් සමග ඔහුට සහ ඔහුගේ සමිපතයන් ලෙස හඳුනා ගත් ක්‍රීඩකයන් 8 ට අද තරගය අහිමි වීමට නියමිතය.නමුත් ඊයේ දින සිදු කළ pcr පරීක්ෂණ වලින් එම ක්‍රීඩකයන් 8 දෙනා හට එම වෛරසය ආසාදනය නොමැති වී බව තහවුරු කරන ලදී. කෙසේ වෙතත් ඔවුන් ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව අද තරගය මගහැරී යන ඉන්දීය ක්‍රීඩකයන් වනුයේ.
යූෂ්වෙන්ද්‍ර චහාල්
හාර්දික් පාණ්ඩ්‍යා
සුර්‍යකුමාර් යාදව්
ඉෂාන් ක්‍රිෂාන්
ප්‍රිත්වී ශෝ
කේ ගෞතම්
මනීෂ් පාණ්ඩේ
දෙව්දත් පඩික්කාල් ඒ අනුව මෙම ක්‍රීඩයන් හට තරගාවලියේ ඉතිරි තරග බොහෝ දුරට මග හැරී යයි

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ කිහිපදෙනෙකු හටම අද තරගය හා තරගාවලිය මග හැරියමේ ඉඩකඩක් පවතී.

පළමු තරගෙයේදි ආබාධයකට ලක් වූ චරිත් අසලංක හට ඊයේ දින යෝග්‍යතා පරික්ෂනයක් සිදු කිරීමට නියමිතව තිබූ අතර එහි ප්‍රෙතිපල අනුව ඔහු ක්‍රීඩා කරනවද නැද්ද යන්න තීරණය කරනු ලැබේ.

පෙර තරගයේ අසාර්ථක වූ අශේන් බණ්ඩාර වෙනුවට එම ස්ථානය සදහා ක්‍රීඩකයන් දෙදෙනෙකු සලකා බලනු ලබන අතර සදීර හෝ පැතුම් වෙත වැඩි නැඹුරුවක් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළහ. කෙසේ වෙතත් අසලංක පවත්වන යෝග්‍යතා පරීක්ෂනයෙන් අසමත් උවහොත් ඉහත ක්‍රීඩකයන් දෙදෙනාටම අවස්ථාව හිමි වන බව ඔහු සදහන් කළහ.

එමෙන්ම බානුක හට මෙම තරගාවලිය මග හැරී යාමේ ඉඩකඩ වැඩි බව ඔහු සදහන් කළ අතරම ඩිල්ෂාන් මුනවීර අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් සංචිතයට කැඳවන බව යන ප්‍රචාර වල කිසිම සත්‍යතවක් නොමැති අතර ඔවුන් කැදවීමට අවශ්‍යම මොහොතක් වුවද ජෛව ආර්ක්ෂිත බුබුල හේතුවෙන් එසේ කළ නොහැකි බව ආරංචි මාර්ග සදහන් කරනු ලබයි.

තරගාවලිය ජයක්ග්‍රහනය කිරීමට නම් අද තරගය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතු අතරම ශක්තිමත් මැද පෙළක් සමග සටනට පිවිසිය යුතු බව විචාරක මතය වේ.

Leave a Comment