එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වීමේ ඉඩක්..බවට පලවන වාර්තා අසත්‍යයි – ධනංජය සිල්වා

උපුටා ගත් මුල් පුවත පහතින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය සිල්වා එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී යනු ඇති බවට වාර්තාවනවා..

ඒ අනුව දැනටමත් මූලික සංචිතයට නම් කර සිටින ධනංජය ද සිල්වා 20 20 තරඟ රටාවට නොගැලපෙන හෙයින් බොහෝ විට සංචිතයෙන් ඉවත් කරන බවට ඉහළ පෙළේ නිලධාරියෙක් morning sport පුවත්පත වෙත පවසා තිබුනී.

මූලික සංචිතයේන් ලහිරු මධුශංක ආබාධයක් මත ඉවත් වීමත් සමග ලක්ෂාන් සඳකැන්, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක යන ක්‍රීඩකයන් මෙලෙස කණ්ඩායම සමඟ එක් වී තිබේ. නමුත් තවමත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අවසන් 15 නම් කර නොමැති අතර ඔක්තෝම්බර් 10 දින දක්වා ICC ය විසින් මේ සඳහා කාලය ලබා දී තිබේ.

 

 

කතෘ සටහන –  ඉහත සදහන් තොරතූරු සත්‍ය තොරතූරු ලෙස අපට තහවුරු කල නොහැකිවන අතර මේ සම්බන්ධව ධනංජය ද සිල්වා තම මතය සිය නිල                               මුහුණු පොත හරහා පල කොට තිබුණි

.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ‘ප්‍රබන්ධ සහ වැරදි’ කොටස් වශයෙන් නැවත නැවතත් යන විට එය උපකාර කරන්නේ කාටද?
– ධනංජය ද සිල්වා

Leave a Comment