ඕස්ටේලියානු ක්‍රිකට් ඉතිහාසය තුල ලද දරුණුම පරාජය උරුම කරමින් බංගලාදේශ කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයක්..

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර  Sher-e-Bangla ක්‍රීඩාංගනදී  පැවැත්වූ තරග 5 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පස්වන තරගයත් බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග 4-1 ලෙස ජය ගැනිමට සමත් විය.
අවසන් විස්සයි විස්ස තරගයේදි ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 133 ක ඉලක්කයක් ලබා දුන් අතර එම ඉලක්කය හඹා ගිය ඕස්ට්රේලියා කණ්ඩායම ලකුනු 62 කට සීමාකරමින් බංග්ලාදේශ කණ්ඩායම පස්වන තරගයත් ජයග්රහණය කරනු ලැබුවා..
මේ අතර ඕස්ට්රේලියා කණ්ඩායම පන්දු වාර 13.4 තුල  සියල්ලන් දැවී ගිය අතර මෙම ඉනිම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ කෙටිම පන්දු වාර සංඛ්‍ාවකින් සියල්ලන් දැවිගිය  ඉනිම ලෙස වාර්තා පොත් අතරට එක් විය . ඒ අනුව මෙය 1877 මාර්තු 15 දායින් පසු ඔවුන් සියලු දෙනා දැවී ගිය අවම ඕවර ගණනයි.
මෙම තරගයේදි කඩුලු 4 ක් බිඳ හෙලමින් පෙර තරගයේ පහාරයකට ලක්වු ශකීබ් අල් හසන් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත විය..මෙලස බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් විය..
මෙම තරග 5 තුල බංගලාදේශ පන්දු යවන්නන් ඉතා කැපීපෙනන දක්ශතා දැක් වූ අතර ඕස්ටේලියානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසරණ පිතිකරණය මේ තරග තුනේදිම කැපි පෙනෙන්නට විය..

මේ වනවිට බංගලාදේශයෙ නව දග පන්දු පුහුණු කරන්නා විදියට කටයුතු ‍කරන ශ්‍රි ලංකා දග පන්දු යවන්නෙක් වු රංගන හේරත් වීම  විශේෂයි..

බෝහෝ විචාරකයින්ගේ අදහස නම් මෙම දස්කම් දැක්වීමට රංගන හේරත්ගේ අත්දැකීම් ඉවහල් වි ඇති බවය. මේ පිළිබදව ඕස්ටේලියානු ප්‍රබල දග පන්දු යවන ක්‍රිඩක ඇස්ටන් එගාර් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

Leave a Comment