චන්දිමාල්ට ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් උපදෙස්..

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ ටෙස්ට් සහ සුදු පන්දුවෙන් ඉදිරියේදී තමාව තෝරා ගන්නවා ද නැද්ද යන්න සනාථ කරන ලෙස ඉල්ලමින්ය. එසේම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳව සාකච්ජා කිරීමට අරවින් ද සිල්වා සහ තේරීම් කමිටුව සමග හමුවක් ද ඉල්ලා තිබුණි.

චන්දිමාල් : “මගේ ක්‍රිකට් අනාගතය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින්, මේ අවස්ථාවේ දී මාගේ අනාගතය සඳහා නිවැරදි හා වඩාත්ම උචිතම තීරණ ගැනීම මට ඉතා වැදගත් වේ.”

ඔහු ගේ මෙම ඉල්ලීමට අනුව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර පැවැත්වූ අතර එහිදී කමිටුව විසින් චන්දිමාල් හට පවසා ඇත්තේ. ඉදිරියේදි පැවැත්වෙන සිමිත පන්දුවාර තරග සදහා නැවත සලකා බැලිමට නම් නැවත දේශිය තරගාවලි වලදි හොදින් දක්ෂතා දක්වන ලෙසය. නමුත් ඉදිරි ටෙස්ට් තරග සදහා චන්දිමාල් ව සලකා බැලිමට කටයුතු කරන බව කමිටුව විසින් දිනේෂ් චන්දිමාල් වෙත පවසන ලදී.

ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන දේශීය තරග බිමේ චන්දිමාල් දස්කම් අතරට පැමිණිය යුතු වේ.

Leave a Comment