දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි – ටෙම්බා බවුමා

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා අතර එළඹෙන සැප්තැම්බර් 2 වනදා සිට එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්ස තරග 3 ක්  ආරම්භ වීමට නියමිතව ඇත.

එම තරඟ සංචාරයට අදාලව මිට දින කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවේදී, දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් “දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි.”  යනුවෙන් පවසා සිටියා..

මෙම මාධ්‍ය හමුවේදී දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා දැක්වූ අදහස් පහතින්

“මට ලොකු විශ්වාසයක් තිබෙනවා එළඹෙන ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරීමට අපට හැකියාවක් තිබෙනවා කියලා.විශේෂයෙන්ම අප සතුව ඉතා හොද මට්ටමේ දගපන්දු යවන්නන් දෙදෙනෙකු සිටිනවා.ශම්සි ගත්තොත් ඔහු මේ වන විට විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයේ පසු වනවා. ඒ වගේම කේෂව් මහරාජ් අප කණ්ඩායම සමගින් සිටිනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ල‍ංකාවේ තත්වයන්ට ගැලපෙන ඉතාම හොද දගපන්දු යවන්නන් අප සතුව සිටිනවා කියලා.”

– දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා –

මේ වන විටත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංචිතය මේ වනවිටත් නම් කොට නොමැත. ශ්‍රි ලංකා කණ්ඩායමේ 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක්  දකුණු අප්‍රිකානු සංචාරය සහ එළබෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මේ වන විට නිරෝධානය සදහා යොමු කොට ඇති බව වාර්තා වනවා..

Leave a Comment

Exit mobile version