පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පෙෂාවර් සල්මි කණ්ඩායමට

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ලකුණු 47ක ජයක් වාර්තා කිරිමට මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම (25) දින සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

සොහයිබ් මක්සූද් නොදැවී ලකුණු 65ක්(35) සහ රිලී රොසෝව් වේගවත් ලකුණු 50ක්(21) රැස් කළා.

පන්දු යැවීමේ දී සමීන් ගුල් හා මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 48ක් සහ කම්රන් අක්මාල් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලුවා.

Leave a Comment

Exit mobile version