භානුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය අහිමි වෙයි…

SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය එක් වීමට බලාපොරොතුවෙන් සිටි භානුක රාජපක්ෂ හට එම තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වනවා..

මීට දින කිහිපයකට පෙර ඉන්දීය එක්දින තරගාවලිය අතරතුරදී ඇගිල්ලේ සිදුවූ ආබාධය නිසා භානුකට මෙම තරඟාවලිය ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති බවත් එම නිසා භනුක රාජපක්ෂ හට SLC ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබේනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි..

එමෙන්ම SLC Invitational T20 league යේ SLC Reds කණ්ඩායමේ නිමේශ් විමුක්ති සහ මොහොමඩ් ශිරාස් හට covid19 වැලදී ඇති බවට සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

එසේම තවත් එක කණ්ඩායමක සහයකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එම හේතුවෙන් ඔවුන්ට ද මෙම තරගාවලියට එක් වීමේ අවස්තාව මගහැරි යනවා..

නමුත් තරගාවලිය මෙම තරගාවලිය සදහා මෙය බාධාවක් නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර තිබේ. එසේම අනෙක් සියලු ක්‍රීඩකයන් තරගාවලිය සදහා සහභාගිවීමට මහනුවර බලා පිටත්ව ගොස් ඇත.

මෙම තරගාවලිය එළබෙන 12 වනදා සිට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය..

Leave a Comment