මහේල ජයවර්ධනට ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ සහ 19 පහළ කණ්ඩායමේ වගකිමක් පැවරෙයි..

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක වරාය ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායමේ උපදේශක තනතුර සදහා පත් කර තිබෙන බවට වාර්තාවනවා.

මේවන විට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල එම තරගාවලිය අවසන් වූ වහාම එක්සත් එමීර් රාජ්‍යයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට එක් වනු ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් 16 සිට 23 දක්වා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට නැමීබියාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සමඟ තරඟ වදිනු ඇත.

ඉන් අනතුරුව ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානයෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක තනතුරද භාර ගෙන තිබෙන බවට වැඩි දුරටත් සදහන්..

“මහේලගේ නව භූමිකාවට අපි සාදරයෙන් පිළිගන්නවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහ 19 න් පහළ කණ්ඩායම සමඟ සිටීම ක්‍රීඩකයින්ට බෙහෙවින් උපකාර වෙයි. මහේල ක්‍රීඩා කළ දින වල සිටම අති විශාල ක්‍රිකට් දැනුම පිළිබඳව ගෞරවයට පාත්‍ර වූ අයෙක්, පළමුව ක්‍රීඩකයෙක් වශයෙන්, පසුව නායකයෙක් වශයෙන්, දැන් විවිධ කණ්ඩායම් වල පුහුණුකරුවෙකු වශයන්.” යනුවෙන් ඈශ්ලි සිල්වා මහතා මෙම නව පැමිණීම ගැන අදහස් දක්වමින් ඔහුගේ අදහස් දැක්වුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක කමිටුවේ නිර්දේශ අනුව මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මහේල ජයවර්ධන මෙම තනතුර ද්විත්වය සඳහා පත් කර තිබේ.

Leave a Comment