වර්තමාන බංගලාදේශ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔවුන්ගේ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ගේ දක්ෂතා වලට සමානයි – Ashton Agar

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුනේ බංගලාදේශයේ Sher-e-Bangla ක්‍රීඩාංගනදී පැවැත්වූ 3 වන විස්සයි විස්ස තරගයද බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිම ජය ගැනිමට සමත් විය.

බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් විය..

මෙම තරග 3 තුල බංගලාදේශ පන්දු යවන්නන් ඉතා කැපීපෙනන දක්ශතා දැක් වූ අතර ඕස්ටේලියානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසරණ පිතිකරණය මේ තරග තුනේදිම කැපි පෙනෙන්නට විය..

විශේෂයෙන් නිමා වු තරග තුන තුල දගපන්දු යවන්නන් කඩුළු 10ක් ලබා ගැනීමට සමත් විය..

මේ වනවිට බංගලාදේශයෙ නව දග පන්දු පුහුණු කරන්නා විදියට කටයුතු ‍කරන ශ්‍රි ලංකා දග පන්දු යවන්නෙක් වු රංගන හේරත් වීම විශේෂයි .

බෝහෝ විචාරකයින්ගේ අදහස නම් මෙම දස්කම් දැක්වීමට රංගන හේරත්ගේ අත්දැකීම් ඉවහල් වි ඇති බවය. මේ පිළිබදව ඕස්ටේලියානු ප්‍රබල දග පන්දු යවන ක්‍රිඩක ඇස්ටන් එගාර් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

දඟ පන්දු යැවීමේදී උසින් අඩු ක්‍රීඩකයින්ට වාසියක් තිබේදැයි විමසූ විට අගාර් පැවසුවේ එය විශාල වාසියක් බවයි.. කෙටි පන්දු යවන්නන්ට කඩුල්ලේ වැදීමට බොහෝ දුරට ඉඩ ඇති අතර පන්දුව දිගු වේලාවක් ගුවනේ ඇති බව ඔහු පැවසීය.

හිටපු ශ්‍රී ලංකා පුරාවෘත්තයක් සහ වර්තමාන බංග්ලාදේශ පුහුණුකරු රංගන හේරත් එය කළ හොඳම ක්‍රීඩකයා බවත් එය දැන් බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයෙන් පිළිබිඹු වන බවත් එගාර් පැවසීය.

ඇස්ටන් එගාර් ඕස්ටේලියානු මාධය වෙත පැවසු අදහස් පහතින්..

Leave a Comment