අංක 3 ගහලා මං අසමත් වුනා අංක 5 ගහන්න දසුන් අයියා තමා කීවේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන එක්දින තරගය අවාසනාවන්ත ලෙස ලකුණු 67 කින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියහ. ඒ අනුව තරගාවලිය 1-1 ලෙස දෙපිලම සම තත්වයේ සිටින අතර ඊළග තෙවන එක්දින තරගය තරගාවලිය ජය තීරණය කරන තීරණාත්මක තරගය වේ.

මුලින් කඩුලු බිඳ වැටුණද අසලංක සහ දසුන් එක්ව ජායක්ග්‍රහි මාවතකට ගෙන එනු ලැබූවද අවාසනාවන්ත ලෙස නැවත කාලගුණය හරස් වීම නිසා පන්දුවාර 47 කින් 283 ක් ලෙස තිබූ ඉලක්කය පන්දුවාර 41 කින් ලකුණු 261 ක් බවට පත්වීම මත ජයක් ග්‍රහනය කෙමෙන් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියෙයේ.

මෙහිදී පිතිකරණයේදී කැපී පෙනෙන දස්කම් දැක් වූ චරිත් අසලංක ඊයේ මාධ්‍ය සාකච්ජාවේදි මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු දැක්වූහ.

01. ඔබ ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෙක් SLC Invitation League එකේ පව ඔබ ලකුණු අතර හිටියා. මොකක්ද ලකුණු අතර ඉදීමට රහස

මන් ගොඩක් මහන්සි උනා එංගලන්ත තරග සංචාරයෙන් මන් ෆේල් උනාම මන් ගොඩක් මහන්සි උනා.මන් හිතනවා මන් දැන් යම් තාක් දුරකට සාර්ථක වෙලා ඉන්නවා. ඒවගේම මන් හිතනවා මට තව සාර්ථක වෙන්න පුළුවන් කියලා. මෙලෙස ඔහු එම පැනයට පිළිතුරු ලබා දුන්හ.

02. එසේම ඔහුගේ ස්ථානය පිළිබඳ ප්‍රශ්න කරමින් පැනයක් නැගුණි එහිදී ඔබ ක්ලබ් මැච් වල උඩින් සෙල්ලම් කරන්නේ දැන් අංක 5 සෙල්ලම් කරන්නේ මේ දැන් තැන ගැන උබ පුද්ගලිකව සතුටුද නැත්නම් තව උඩින් ක්‍රීඩා කරන්න ඕනි ද

මන් ඇත්තටම සතුටුයි එංගලන්තයේ 3 ගහලා මන් ෆේල් වෙලා ආවේ දසුන් අයියා තමයි මාව අංක 5 ගහන්න කියලා කිවේ මන් හරිම කැමැත්තෙන් ගහන්නේ එතන. වගකීමක් සහිත තැනක් නිසා මන් ආසයි වගකීමක් සහිතව ක්‍රීඩා කරන්න

03. තවද තරගය ගිලිහී ගිය ආකාරය පිළිබඳව පැනයක් නැගුණි.
මම ඇතුළුව ෆීල්ඩිං මිස්ටෙක් ගොඩක් උනා එහෙම දවසක් එන්න පුළුවන්.මම ඇතුළුව කණ්ඩායමම ඒ වගකීම ගන්නවා එතනින් ලකුණු කිහිපයක් ගිය. තව මායි දසුන් අයියයි බැට් කර කර ඉද්දී හොඳ අවස්ථාවක් ආවා නමුත් වර්ෂාව ඇවිල්ල ඕවර් 6ක් අඩු වෙලා ලකුණු 20 ක් වගේ ප්‍රමානයක් තමයි අඩු උනේ. එතනින් අපි විනාඩි 35 ක් වගේ ක්‍රීඩා කළේ නෑ. ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායම හොදට සෙල්ලම් කර.

04. පරාජයට හේතුව ෆීල්ඩිං හා බොලාර්ස් ල මූලික හේතුව යනුවෙන් නැගුණු පැනයකට පිළිතුරු දුන් අසලංක
බෝලින් කියන්නත් බෑ ඇත්තටම ඒ ගොල්ලෝ අමාරුවෙන් බෝල් කරේ.බැටිං බෝලින් හැමදාම හොදට කරන්න බැරි උනත් ෆීල්ඩිං එහෙම නෙවේ හොදට කරන්න පුළුවන්. කණ්ඩායමක් විදියට අපි තරුණ කණ්ඩායමක් අපි හැමදාම ෆීල්ඩ් එකේ එෆර්ට් එක දැම්මා හැබැයි අද ඒක කරන්න බැරි උනා. ඊළග මැච් එකේ ඒ දේවල් නිරාකරණය කරන් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.

05. ඊළග තරගෙයේ විය යුතු වෙනස්කම් ගැන තවත් අයෙක් ප්‍රශ්න කළහ.
කණ්ඩායමේ වෙනස්කම් ගැන නම් මට අදහසක් නෑ කණ්ඩායමේ අපි තනි තනියෙන් ගේම් එක 10% ක් වත් උස්සගන්න ඕනි. මමත් ඉගෙන ගන්න ඕනි තව ක්‍රීඩකයෙක් වශයෙන්. කලින් තරගයේ වගේ හෝදා පෆෝමන්ස් දෙක තුනක් දුන්නොත් මන් හිතනවා අපිට දිනන්න පුළුවන් කියලා ඊළග තරගය.

06. කොහොමද අනික් කණ්ඩායම් ඇනාලයිස් කරාම ඒ කණ්ඩායම් වලින් එන අභියෝග වලට මුහුණ දෙන්නේ.
මන් ලකුණු අතර ඉන්න කාලෙට තමයි ගොඩක් මහන්සි වෙන්නේ මොකද අභියෝග වැඩි වෙනවා. තාක්ෂණය දියුණු නිසා ඕනිම කෙනෙක්ට ඕනිම ඉනිමක් බලන්න පුළුවන් ක්ලබ් මැච් එහෙක උනත්. මන් නිතරම කෝච් ලගෙන් අහන්නේ මට ඊළඟට එන්න පුළුවන් අභියෝග.ඒ ගොල්ලෝ අපි දකින දේට වඩා ගොඩක් දේවල් දකිනවා ඒ ගොල්ලෝ කියනවා මේක එනවා කියලා ඉතින් මන් ඒකට හැඩගැහෙනවා. ඉතින් ඒක මගේ සාමාන්‍ය දෙයක් ඒක ඉස්සරහට කරලා අභියෝග වලට මුහුණ දෙන්න තමයි බලාපොරෝතුව.

07. තනතිරුවේ තිබ්බ වෙනස්කම් ගැන තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගූහ.
එදාට වඩා පොඩ්ඩක් දාග කැවීම තිබ්බ. අපි බැට් කරද්දී වැස්ස නිසා පොඩ්ඩක් අඩු උනා. ඒක වැස්ස නිසා පොඩ්ඩක් තරගය නතර උන නිසා අපිට වාසිය ගන්න බැරි උනා.

08. දග පන්දු යවන්නන්ගේ ලැබුණු සහයෝගය කොහොමද ඒ ගොල්ලෝ හොදින් කරාද.
ඔවුන් හොඳටම යැවුවා . ඉන්ටනැෂනල් ක්‍රිකට් දැන් දියුණුයි. දැන් ඕනිම රටක් එන්නේ ඇන්ලයිස් කරලා එන්නේ එංගලන්තේ උනත් දැන් හොදට ස්පින් එකට සෙල්ලම් කරනවා. ඒව තමා දැන් තමා අභියෝග අපි අපේ ගේම් ඒක උස්සගෙන හොදට සෙල්ලම් කරන එක තමා කරන්න ඕනි .

09.කණ්ඩායමක් විදියට කොහොමද ඊළග මෑච් එකට සූදානම් වෙන්නේ.
අපි මුලින්ම මිස්ටේක් ඇනළයිස් කරනවා මේවා කරේ කියලා සාකච්ජා කරනවා. අපි තරුණ කණ්ඩායමක් ලොකු උත්සාහයක් දරනවා ජයක්ග්‍රහනය කරන්න. පහු ගිය කාලේ ගොඩක් දුරට සාර්ථක උන. රට වෙනුවෙන් මේ තරගය ජයක්ග්‍රහනය කරලා තරගාවලි ජයක්ග්‍රහනය අපිට ගන්න. අපි අපේ අඩු පාඩු හදන් ඊළග තරඟයට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ

මෙලෙස අසලංක පැන නැගුණු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තමා අදහස් බෙදා ගත්හ.

Leave a Comment