වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (12) රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිතය. මේ වන විට තරග 1 – 0 ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර ශ්‍රි ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය සදහා අද තරගය අනිවාර්‍ය් ජයක් ලබා ගත යුතුය.

හිටපු නායක ලසිත් මාලිංග රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් අද පැවැත්වෙන සංචිතය පිළිබද අදහස් පළ කළ අතර මෙහිදි පළමු තරඟය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරාජය වීම හේතුවෙන් වෙනස්කම් කිහිපයක් සමඟ දෙවෙනි තරඟයට පිවිසෙනු ඇති බවට මාලිංග පවසා සිටියා..

ලසිත් මාලිංග වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පළමු විස්සයි විස්ස තරගයේ දී අර්ධ ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් සමගින් ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු හා පළමු සහ දෙවන එක්දින තරගයේදි මෙන්ම පළමු විස්සයි විස්ස තරගයේ දී නැවතත් අසාර්ථක වූ භානුක රාජපක්ෂ මෙන්ම අකිල ධනංජය හට ද කණ්ඩායමේ ස්ථානය අහිමි වේ යැයි ඔහු සදහන් කරන ලදී.ඒ අනුව ඉහත ස්ථාන සදහා කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස්,නුවන් ප්‍රදීප් හෝ පුලින තරංග ක්‍රීඩා කරනු ඇති බව ඔහුගේ මතය විය.

මාලිංගට අනුව අද තරගය ක්‍රීඩා කළ හැකි කණ්ඩායම පහතින්,

කුසල් පෙරේරා,දිනේෂ් චන්දිමාල්,කමිදු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා,චරිත් අසලන්ක,චාමික කරුණාරත්න,දසුන් ශානක,වනිදූ හසරංග,දුෂ්මන්ත චමීර,මහීශ් තීක්ෂන,පුලින තරංග හෝ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් අද (12) තරඟයට ක්‍රීඩා කරනු ඇත.

Leave a Comment