ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි..

එංගලන්ත සංචාරය අතරතුර ඇති වු අබාධ තත්වයක් හේතුවෙන් හා ⁣පසුව ශ්‍රි ලංකාවේ දි කොවිඩ් වෛරස අසාදනය වී සුව විමෙන් පසුව පළමු වරට දකුණු අප්‍රිකාව සමග දෙවන විස්සයි විස්ස තරගයේදි හා තුන්වන විස්සයි විස්ස තරගය ක්‍රිඩා කළ අතර ඊයේ පැවති තුන්වන තරගයේදි ඇති වු පාදයේ සුළු මස් පිඩු ඇදීමක් හේතුවෙන් පන්දු රැකීමට නොහැකි විය.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රී කළ Scan පරීක්ෂණයේ ප්‍රතිඵල මත විස්සයි විස්ස ලෝක කුසලාන සදහා කුසල් ජනිත් ගේ සහභාගීත්වය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා එළඹෙන ඕමාන තරඟාවලිය හා ICC T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින නමුත් කුසල් ජනිත් පෙරේරා එළඹෙන ඕමාන තරඟාවලියේදි විවේක ගන්වා ඇති බවද වාර්තා වනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව සමග ඊයේ ( 15 ) පැවති අවසන් විස්සයි විස්ස තරගයේදි පන්දු රැකීම අතරතුර අබාධයකට ලක් වු ලහිරු මදුසංඛ ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රිඩකයා සම්බන්ධව ඉදිරියේදි දැනුම් දිමට නියමිත බව සදහන් නමුත් මේ පිළිබඳ නිළ නිවේදනයක් මෙතෙක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නොමැත.

Leave a Comment