ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අවසරයත් හිමි වෙයි..

වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු වන දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග හට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම හේතුවෙන් ඕමාන් තරඟ සංචාරය අහිමි වීමට බොහෝ ඉඩ කඩක් පවතින බව වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 07 දින ආරම්භ වීමට නියමිතය.

අයි පි එල් තරගාවලියේ දෙවෙනි අදියර මේ මස 19 වන දා අරම්භ විමට නියමිත අතර එදින චෙන්නායි සුපර් කින්ග්ස් සහ මුම්බායි ඉන්දියන් තරග වැදිමට නියමිතය. වනිදූ හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෙවන අදියර ක්‍රීඩා කිරීම සදහා මේ වන විටත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමග එක් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් සදහන් කර සිටියේ ඕමාන සංචාරයෙන් නිදහස් කර මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම ඉන්දීය ප්‍රීමියර් ලීගය ක්‍රීඩා කිරීමට ලබාදීම ඔවුන්ට කදිම අවස්ථාවක් වන බැවින් ඒ සදහා ඔවුනට අවසර ලබාදෙනු ඇති බව ය.

රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සහභාගි වන පළමු තරගය මෙම මස 20 වනදා කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අතර මෙම තරගයේදී වනිදු හසරංග හට අයි පි එල් වරම් හිමි වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා රැසක සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා ඔක්තෝම්බර් 10 වෙනි දින අබුඩාබි හිදී විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය සමග එක්වන අතර ඔක්තෝම්බර් 12 වන දින පළමු පුහුණු තරඟයට සහභාගී වීමට නියමිතය.

Leave a Comment