කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි.

එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා තරගාවලියේ තෙවන තරගයේදී පන්දු රකින අතරතුර ආබාධයකට ලක් විය. එමනිසා ඔහු එළැඹෙන ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියහ.

” කුසල් සති තුනක කාලයකට ඉවත් වෙලා ඉන්නෙ. ඒ නිසා ඔහුගේ තත්වය පිළිබදව අපට භෞතචිකිත්සකවරයාගෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍යයි. එය එතරම් බරපතල ආබාධයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලෝක කුසලාන තරගාවලිය වෙද්දි ඔහු සුවවෙයි කියලා”

එසේම ඒ මහතා පවසා සිටියේ ඕමානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙක කුසල් හට මග හැරී යනු ඇති බවත් ICCය සංවිධානය කරන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් විය යුතු බවත් ය.

“ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක කුසල් ක්‍රීඩා කරාවි යයි කියන්න අමාරුයි. නමුත් ICC ය සංවිධානය කරන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් විය යුතුයි. ඔහුට ක්‍රීඩා කිරීමට සුදුසු කවදාදැයි තීරණය කළ නොහැකියි. එය රදාපවතින්නේ ඔහු කෙතරම් ඉක්මනින් සුදුසුකම් ලබනවද යන්න මතයි. ඔහුගේ තත්වය පිළිබදව භෞතචිකිත්සකවරා අපිව දැනුවත් කරයි.”

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 21 ජෛව ආරක්ෂක බුබුල ඇතුළු වීමට නියමිත අතර 24 ආර් ප්‍රේමදාස පිටියේ පුහුණුවීම් ආරම්භ කරනු ලබයි. ඔක්තෝම්බර් 10 දින තෙක් කුසල්ගේ ස්ථානයට කිසිම ක්‍රීඩකයෙක් නම් කරනු නොලැබේ.

මිකී ආතර් මහතාගේ ධූර කාලය දෙසැම්බර් මස අවසන් වන බවත් ලෝක කුසලානය නිසා ඒ පිළිබඳව කිසිවක් පැසසිය නොහැකි බව ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කර සිටියහ.

නමුත් මීට ශ්‍රි ලංකා ක්‍රිකට් තක්ෂණික කමිටුවේ සමාජිකයෙක් වන මුත්තයියා මුරලිදරන් මාධය සාකච්ඡාවකදී පවසා සිටියේ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට රොෂාන් මහානාම මහතාගේ නම මේ වනවිටත් යෝජනා වී ඇති බවය.

Leave a Comment