එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් දිමුත් කරුණාරත්න පුහුණුවීම් අරඹයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සුදානම් වීම සදහා ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායාමේ නායක දිමුත් කරුණාරත්න පුහුණුවීම් නැවත ආරම්භ කර ඇති බව වාර්තා වනවා..

බටහිර ඉන්දීය කොදෙව්වන් නොවැම්බර් සහ දෙසැම්බර් මෙරට දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 21 දින බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාලු ක්‍රීඩාංගනයේදී පළමු තරඟය පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ද එම ක්‍රීඩාංගනයේදී ම පැවැත්වීමට තීරණය කර ඇත.

දිමුත් කරුණාරත්න මීට පෙර මුහුණ දුන් අවසන් තරගාවලියේදි තරගාවලියේ වීරයා වූ අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව ජය ගැනීමට ද සමත් විය.

Leave a Comment