තලේයිබාන්වරු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සියතට ගනී…

තලේබාන් සංවිධානය හා සම්බන්ධ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා බලෙන් ක්‍රිකට් ආයතනය වෙත ඇතුළු වී එම තනතුරින් නෙරපා ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“මම ක්‍රිකට් ආයතනයේ විධායක අංශයට විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් පසුව තේරී පත් වූ නමුත් මා ඉවත් කිරීමට හේතුව මට නොතේරුණි” යනුවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහු මෙලෙස අදහස් පල කර තිබේ. පසුව ඔහු වෙනුවට හකානි ජාලයේ සමීපතමයෙකු වන නසීබ් ඛාන් ලෙස හැඳින්වෙන නසීබුල්ලා හකානි යන පුද්ගලයා පත් කළ බවට එරට ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් එරට මාධ්‍ය වෙත පවසා සිටියහ. ඔහු ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ද දැනුමක් ඇති බව ඇෆ්ගනිස්ථානයේ නිල ක්‍රිකට් ෆේස්බුක් පිටුව හරහා ඔවුන් නිවේදනය කර තිබුණි.

මෙම සිද්ධියට ප්‍රතම ඕස්ට්‍රේලියා සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට තිබූ තරගාවලිය නතර කර දැමීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන ලදී. ඒ කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොදීම මත සහ ඔවුන්ගේ අයිතීන් නොසැලකීම යන හේතු පදනම් කර ගෙනය. මේ සම්බන්ධව හමීඩ් ෂින්වාරි මහතා මාධ්‍යට පවසා සිටියේ මේ අවස්ථාවේ ඇෆ්ගනිස්ථානය තනි නොකර ලෙසය.

තවද රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වුයේ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම තේරීමේදී ඔහුගේ අදහස් නොවසීම මත බව ට්විටර් පණිවිඩයක් මගින් ඔහු දැනුම් දී තිබුණි.

Leave a Comment