” ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි “

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ හිටපු නායක ලසිත් මාලිංග ඉකුත් දිනකදී අවසන් බලාපොරොත්තුව වූ විස්සයි විස්ස පිටියට ද සමු දෙන බව වීඩියෝවක් සාමාජ මාධ්‍යට මුදා හරිමින් පවසා සිටියහ. නමුත් ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිම ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතන නිළධාරියෙකු විසින් පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා. තවද මාලිංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ ලිඛිතව විමසීමක් සිදු කර තිබේ. නමුත් ඔහු මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් වැඩිදුරටත් මෙම ක්‍රිකට් ආයතන නිළධාරියා පවසා ඇත. ඔහු සිදු කළ ප්‍රකාශය පහතින්,

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුවත් කරලා නැහැ. නමුත් එකී සමුගැන්ම සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න කියලා අපි ඔහුව දැනුවත් කරලා තියෙනවා. තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ නිසා ක්‍රිකට් ආයතනය වශයෙන් ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි.’

ලොව පුරා විසිරී සිටින ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් මෙන්ම ඔහු ක්‍රීඩා කල සහ නොකළ ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග ඔවුනගේ ඉනස්ටග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් ගිණුම් හරහා විශාල වශයෙන් ඔහුට සුබ පැතුම් එක් කර තිබුණි. එය එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාලිංග ගේ මෙම සමු ගැනීම පිළිබඳව එකදු සටහනක් හෝ නොතබා තිබීම සියල්ලන්ම ප්‍රශ්න කළ අතර එය මේ වන විට දෝෂාරෝපණයට හා ප්‍රශ්න වීමකට ලක්වී තිබේ.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබඳව දන්වා නොමැති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියේ, ඉනස්ටග්‍රෑම්, ට්විටර් හෝ ෆේස්බුක් ගිණුම් හරහා ඔහුගේ සමු ගැන්ම පිළිබඳව එකදු සටහනක් හෝ තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් නොමැති බව අදාල බලධාරියා මෙම පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් පවසා ඇත.

ලසිත් මාලිංග පළමුව ටෙස්ට් පිටියට ද දෙවනුව එක්දින පිටියට සමු දුන් අතර ඉකුත් 14 සිය විස්සයි විස්ස පිටියට ද සමු දීම නිල වශයෙන් දැනුම් දුන්හ. 2014 ලෝක කුසලානය ජයක්ග්‍රහණය කළ තරගයේ නායකයා වූ ලසිත් මාලිංග විශ්‍රාම ගන්නා විට විස්සයි විස්ස තරග 84 කදී බිද හෙළා ඇති කඩුලු 107 කී. එය ජාත්‍යන්තර පිටියේ තවමත් ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහළ කඩුලු සංඛ්‍යාවයි.

මුලාශය – ගයාෂාන් විතානආරච්චි

Leave a Comment