ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේ ඉන්දීය සංචාර දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2022 වසරේ අතිශය කාර්‍ය්බහුල තරග කාලසටහනක් අනුව ක්‍රිඩා කිරිමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර පිටියේ එක්දින තරග 19 ක් විස්සයි විස්ස තරග 13 ක් හා ටෙස්ට් තරග 10 කට මෙන්ම අසියානු කුසලාන තරගාවලිය, 2022 විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය එක් විමට නියමිතය. එමෙන්ම එල් පි එල් තරගාවලියද ලබන වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම 2022 දී ක්‍රීඩා කිරීමට නියමිත තරඟකාල සටහන පහතින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා ලබන වසරේ ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවය යටතේ ටෙස්ට් තරඟ 10 ක් මෙන්ම එක්දින තරඟ 19ක් විස්සයි විස්ස තරග 10 ක් ද ක්‍රීඩා කිරීමට නියමිතය. ටෙස්ට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත සියලු ටෙස්ට් තරගාවලි අඩංගු වනුයේ ටෙස්ට් තරග දෙක බැගිනි.

 

ඒ අනුව ලබන මාර්තු මස ඉන්දියාවේ ද මැයි මස බංගලාදේශයේ ද සංචාරය කිරීමට නියමිතය. එසේම පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම ටෙස්ට් තරගාවලි දෙකක් සදහා මෙරට සංචාරය කිරීමට නියමිතය.. පළමු ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 9 වැනි ස්ථානයයි. තරග 11ක් සදහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 02 ක් ජය ගත් අතර 06 ක් පරාජය විය. ඉන් තරග 04 ක් ජය පරාජයෙන් තොරව නිමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 දී ක්‍රීඩා කිරීමට නියමිත තරඟකාල සටහන මෙසේය.

 

2022 ජනවාරි සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය.
එක්දින තරග 03ක් / විස්සයි 20 තරග 02ක්

2022 පෙබරවාරි ශ්‍රී ලංකා කාණ්ඩයේ ඕස්ට්‍රේලියා සංචාරය
විස්සයි 20 තරග 05 ක්

2022 මාර්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය
ටෙස්ට් 02 ක් / විස්සයි 20 තරග 03 ක්

2022 මැයි ජූලි ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය
ටෙස්ට් තරග 02 ක්

2022 ජූලි අගෝස්තු පාකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
එක්දින තරග 03ක් / ටෙස්ට් තරග

2022 අගෝස්තු
තෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

2022 සැප්තැම්බර්
ආසියානු කුසලානය

2022 සැප්තැම්බර් චීනයෙහි දි
ආසියානු කුසලානය 23 න් පහළ

2022 නොවැම්බර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය සංචාරය
එක්දින තරග 03ක් / ටෙස්ට් තරග 02ක්

2022 දෙසැම්බර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය
එක්දින තරග 05 ක්

 

 

Leave a Comment