ලෝක කුසලානයේදි කුසල් ජනිත් ගැන මට ලෝකු විශ්වාසයක් තියෙනවා – වාස්

පසුගිය එංගලන්ත සංචාරයේදි ශ්‍රි ලංකා ප්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අබාධයකට ලක් වු අතර පසුව ශ්‍රි ලංකාවේදි කොවිඩ් 19 අසාදනය විම නිසා පසුගිය ඉන්දිය තරගාවලිය සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අහිමි විය. ඔහු දකුණු අප්‍රිකාව සමග අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා එක් වුවත් සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට සති කිහිපයක කාලයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා සිටියා. නමුත් මේ වන විට කුසල් ජනිත් පේරේරා 100% ක් යහපත් සෞඛ්‍ය තත්වයට පත් වී ඇති බව ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පවසා සිටිනවා. ඒ මහාතා පළ කල අදහස් පහතින්,

“ඔහු 100% ක් සාමාන්‍ය තත්වයට පත්වෙලා ඉන්නේ ඔහුගේ පැමිණිමත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙයි. මට ලොකු විශ්වාසයක් තියෙනවා කුසල් ජනිත් ගැන. ඔහු පුහුණුවිම් තරගයකට ක්‍රිඩා කළා ඉතාමත් හොදින් ක්‍රිඩා කරනවා බලන් ඉන්නත් ආසයි ඔහුගේ දක්ෂතාවය. වැඩිය පුහුණු වීම් කලේ නෑ ඔහුගේ තිබුණු අබාධත් එක්ක නමුත් ගහපු ඉනිම ඉතාමත් අනර්ඝ විදියට බැට් කළා බලන්නත් ආසයි.” යනුවෙන් චමින්ද වාස් මහතා පවසා සිටියා.

ඕමාන තරගාවලියට සහ ලෝක කුසලාන තරගාවලියට එක්වන 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම අද (04) පස්වරුවේ දිවයිනේන් පිටත්ව ගියා. නමුත් ලෝක කුසලානයට එක්වන අවසන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඕමාන තරගාවලියෙන් පසුව තිරණය කරන බව චමින්ද වාස් මහතා පවසා සිටියා.

“තවම අපි කණ්ඩායමේ සංයුතිය ගැන පිළිබද අවසන් තීරණයක් අරන් නෑ ඕමාන තරග දෙකෙන් පසුව තමයි තේරිම් කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් මහේලත් මම හිතන්නේ තේරිම් වලට සහභාගි වෙයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව අවසන් කණ්ඩායම තෝරයි.” යනුවෙන් චමින්ද වාස් මහතා ඒ පිළිබඳව පවසා සිටියා.

Leave a Comment