මෙවර අබුඩාබි T 10 තරගාවලියට ශ්‍රි ලංකාවෙන් අට දෙදෙනෙක්…

මෙවර අබුඩාබි T 10 තරගාවලිය සදහා ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීම (Draft) ඊයේ (7) දින පැවැත්විණි. එහිදි තරග වදින කණ්ඩායම් 6 අතුරින් කණ්ඩායම් 4 ක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරාගෙන තිබේ.

ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඉසුරු උදාන ද ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීමට එක් නොකොට තව දුරටත් තම කණ්ඩායම තුළ රදවා ගැනීමට මීට පෙර තීරණය කර කළා . එමෙන්ම ඊයේ (7) පැවති ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීමේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් 6 දෙනෙකු කණ්ඩායම් 3 ක් විසින් පහත පරිදි තෝරාගෙන තිබේ.

බංග්ලා ටයිගර්ස් : මතිෂ පතිරණ

Maratha Arabians කණ්ඩායම විසින් ශ්‍රි ලංකා ක්‍රිඩකයින් හතර දෙනෙකු තෝරාගනු ලැබුවා මෙවර තරගාවලියේදි වැඩිම ශ්‍රි ලංකා නියෝජනයක් පවතින්නේද මෙම කණ්ඩායම සතු විම විශේෂත්වයක්,

1. ධනංජය ලක්ෂාන්

2. දුශ්මන්ත චමීර

3. මහීෂ් තීක්ෂණ

COLOMBO. SRI LANKA – SEPTEMBER 07: Maheesh Theekshana (2nd L) of Sri Lanka celebrates the wicket during the 3rd ODI match between Sri Lanka and South Africa at R. Premadasa Stadium on September 07, 2021 in Colombo, Sri Lanka. (Photo by Isuru Sameera Peiris/Gallo Images/Getty Images)

4. චාමික කරුණාරත්න

Northern Warriors – උපුල් තරංග

මෙවර තරගාවලිය නොවැම්බර් 19 සිට දෙසැම්බර් 04 වැනි දින දක්වා එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියල්ලු කටයුතු සැලසුම් කර ඇත.

Leave a Comment