ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් දෙවන තරගයට..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (09) ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම තරගාවලිය වැදගත් වනු ඇති බව දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති වැඩසටහනකදි ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ප්‍රකාශ කර සිටියා. නමුත් සියල්ලන් පුදුම කරමින් පළවන තරගයේදි ශ්‍රි ලංකා පිතිකරණ සංයුතිය වෙනසකට ලක් කර මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවන පැතුම් නිස්සංක ආරම්භක පිතිකරු ලෙසත් අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්තානයේද ක්‍රිඩා කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තවදුරටත් විවේක ගැන්විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. එම නිසා අද තරගයට දනංජය ද සිල්වා හා චරිත් අසලංක එක්වීමට බෝහෝ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා. එමෙන්ම පළමු විස්සයි විස්ස තරගයට ක්‍රිඩා කල නුවන් ප්‍රදීප් එම තරගයේදි අබාදයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියද අහිමි විමට ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින අවසන් ක්‍රිඩකයන් 15 දෙනාගේ සංචිතයන් ඔක්තෝබර් 10 වනදාට පෙර ICC වෙත ලබා දිය යුතුවන බැවින් ඕමානයට එරෙහිව අද (09) පැවැත්වෙන අවසන් විස්සයි – 20 තරගයෙන් පසුව ශ්‍රී ලංකා අවසන් ක්‍රිඩකයන් 15 දෙනා නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව සුදානමින් පසුවන බවත් වාර්තා වනවා.බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , චරිත් අසලංක , දසුන් ශානක , දනංජය ද සිල්වා , චාමික කරුණාරත්න, ළහිරු කුමාර , මහීෂ් තික්ෂණ, ලක්ෂාන් සදකැන්, ප්‍රවීන් ජයවික්‍රම.

Leave a Comment