කුසල්, වනිදු , චමීර අද තරගයට එක්වන ලකුණු..

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් බොහෝ විට අද (12) පුහුණු තරගයට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

සෑම තරගයකටම කණ්ඩායම සතුව සැලසුමක් පවතින බවත්, එදා දවසේදී එම සැලසුම හරියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් තරගාවලියේ විශාල ගමනක් පැමිණිය හැකි බව චන්දිමාල් සඳහන් කර සිටියා. එමෙන්ම අද පැවැත්වෙන බංගලාදේශ පුහුණු තරගයත් සුලුවෙන් නොතකන බවත් වැඩිදුරටත් පවසා සිටියා,

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින අවසන් ක්‍රිඩකයන් 15 දෙනාගේ සංචිතය පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබුණා. බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් , චරිත් අසලංක , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , දසුන් ශානක , චාමික කරුණාරත්න, වනිදු හසරංග, මහීෂ් තික්ෂණ, දුෂ්මන්ත චමීර , බිනුර ප්‍රනාන්දු .

Leave a Comment