“ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපි වෙනම Plan එකක් හදලා තියෙන්නේ..” – චරිත් අසලංක

මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ ශ්‍රි ලංකාව සහභාගි වන තිරණාත්මක තරගයක් අද (28)  ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ඩුබායි ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මින්පෙර සුපිරි දොළොස් දෙනාගේ තරග වටය යටතේ පැවති ප්‍රථම තරගය වූ බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරමින් දෙවන තරඟයට පිවිසෙන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමද දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රාහී මානසිකත්වයයෙන් හෙට තරඟයට පිවිසෙනු ඇත. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල  වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාක්  ඩුබායි හිදි පැවති පුහුණු සැසියක් අතරතුරදී පාදයේ ආබාධයකින් පසුව ඇතැයි අපට වාර්තා වේ. නමුත් ඔහු අද තරගයට සහභාගි වනවාද නැද්ද යන්න තවමත් වාර්තා වී නොමැත.

මේ අතර අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවට අද ශ්‍රි ලංකා කණ්ඩායමේ නවක ක්‍රිඩක චරිත් අසලංක ඊයේ (27) එක්ව සිටියා.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් චරිත් අසලංක ප්‍රකාශ කර සිටියේ සුපිරි දොළොස් දෙනාගේ තරඟ වටයේ දෙවන තරගය ලෙස හෙට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට කණ්ඩායම හොදින් සුදානම් වූ බවත් ඔවුන් පරාජය කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවය. මෙම මාධ්‍ය හමුවේ දී චරිත් අසලංක දැක්වූ අදහස් පහතින් ,

“ලොකු සතුටක් රටට තරඟයක් ජයග්‍රහණය කරන්න ලැබීම ඒක විශේෂ සතුටක් උනා ලෝක කුසලානයක වීම නිසා. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව ගොඩක් තරග ලංකාව වෙනුවෙන් දිනවන්න. අඩු තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරත් මන් හිතන්නේ අපේ ඉන්න එක්ස්පිරියන්ස් එක ඉන්නවා අපේ අයියල කුසල් ජනිත් ඉන්නවා චන්දි අයියා ඉන්නවා දසුන් අයියා ඉන්නවා. ඒ ගොල්ලොන්ගෙන් අපි ගන්න එක්ස්පිරියන්ස් එක තමයි මෙච්චර ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉස්සරහට බලාපොරොත්තු වෙන තරුණ ප්ලේයර්ත් එක්ක මම ඇතුළුව අපි හැමෝමත් එක්ක ලංකාවට තරග ගොඩක් ජයග්‍රහනය කරවන්න.”

“ඕස්ට්‍රේලියාව හොඳ කණ්ඩායමක් හැමෝම දන්නවා. ඒ ගොල්ලොන්ගේ කණ්ඩායමට වෙනම පැලෑන් එකක් හදලා තියෙන්නේ. මොකද මෙතන clear plan එකක් තියෙනවා අපි හැමෝටම. කණ්ඩායමේ 11 දෙනාටම ක්‍රීඩා කරන clear paln එකක් තියෙනවා. දවසක් අරගෙන අපි plan කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න ඕනි කොහොමද කියලා මොකද බංගලාදේශ කණ්ඩායම ගත්තම හාත් පසින්ම වෙනස්. ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමේ ස්ට්‍රේන්ත් එක ඇවිල්ල ෆාස්ට් බොලිං. එතකොට බැට්ස්මන් විදියට අපි ඒකට රෙඩි වෙලා දවස් දෙකක් ප්‍රැක්ටිස් කරලා හොඳ සූදානමක ඉන්නවා. ඒ වගේම හොදින් ක්‍රීඩා කරන්න බලාපොරෝතු වෙනවා”

“අංක තුන ක්‍රීඩා කරලා තරග ගොඩක් ක්‍රීඩා කරන්න හම්බුනේ නෑ t 20 කලින් දකුණු අප්‍රිකා තරගාවලියෙත් නො. 4 , 5 ක්‍රීඩා කරලා ඊට පස්සේ අපේ පොඩ්ඩක් team එකේ batting line up වෙනස් කරා අවිශ්ක පල්ලෙහට ඇවිල්ල මම උඩට ගියා. ඉතිං අනුගත වීම කියන්නේ මම නම් ඇත්තටම පෞද්ගලිකව t 20 වල අංක තුන ක්‍රීඩා කරන එකට කැමති. ඒකට හේතුව පොඩි කාලේ ඉඳන් මම අංක තුන තමයි ක්‍රීඩා කළේ. ඉතින් ඒක නිසා කැමැත්තක් තියෙනවා. ඒක මන් දැන් පහසුවක් විදියට දකිනවා.”

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රකාශ කර සිටියේ අද පැවැත්වෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට නෙදර්ලන්තයට එරෙහි තරගයේදී සුලු අබාධයකට ලක් වූ දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණ ද එක්වන බවයි.

අද තරගයට ක්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ.

 

 

 

 

 

Leave a Comment