මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) ලබන (9) වනදා දක්වා කල් යයි..

මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙට (5) වැනිදා සිදු කිරීමට නියමිතව තිබුවත් මීට සුලු වේලාවකට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර නිවේදනයට අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) නොවැම්බර් 9 වන අගහරුවාදා දක්වා කල් දමා ඇත.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනයට පෙර සියලු කණ්ඩායම් සදහා පළමු අදියර ක්‍රීඩා කළ විදේශීය ක්‍රීඩකයන් 04 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයන් 04 ක් කණ්ඩායම තුළ රදවා ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ.

LPL දෙවන අදියර ලබන මස ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් තුළ රදවාගන්නා ක්‍රීඩකයන් මේ වන විට නිවේදනය කරමින් පවතී. ඒ අනුව Jaffna කිංග්ස් කණ්ඩායම තුළ රදවාගන්නා විදේශීය ක්‍රීඩකයන් සහ දේශිය ක්‍රිඩකයින් සියලුම දෙනාගේ ඊයේ ( 3) දින නිවේදනය කළා.

ඒ අනුව Jaffna කිංග්ස් කණ්ඩායම තුළ ගිය වර නියෝජනය කළ ෂොයිබ් මලික් Overseas Gold player ලෙසත්, උස්මාන් ශින්වාරි Overseas Classic player ලෙසත් කණ්ඩායම තුළ රදවාගන්නා බව එම නිවේදනයේ දන්වා තිබුණි.

එසේම කිංග්ස් කාණ්ඩයමේ Overseas Icon player ලෙස එක් වූ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩූප්ලෙසි සහ Diamond player ලෙස එක් වූ පකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක වහාබ් රියාස් ද කෙටුම් පත් කැදවීමට පෙර තම කණ්ඩායම රදවාගන්නා බව දන්වා තිබේ.

පළමු අදියර මෙහෙයවූ තිසර පෙරේරා මෙවරද Jaffna කිංග්ස් කණ්ඩායම මෙහෙය වන අතර වනිදූ හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ මහීෂ් තික්ෂණ මෙවර Jaffna කණ්ඩායම රදවා ගත් දෙශිය ක්‍රිඩකයන් අතරට අයත් වේ.

මේ වන විට නිකුත් වී ඇති නිවේදන අනුව Jaffna කිංග්ස් කණ්ඩායම පමණක් ඔවුන් රදවා ගන්නා විදේශීය ක්‍රීඩකයන් 04 දෙනා සහ දේශීය ක්‍රීඩකයන් 04  නම් කර ඇත.

මීට අමතරව දඹුල්ල Giants කණ්ඩායමේ Overseas Icon player ලෙස දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රිඩක ඉම්රාන් තාහීර් ද දකුණු අප්‍රිකානු පිතිකරු Rilee Rossouw විදේශිය ක්‍රිඩකයින් ලෙස කෙටුම්පත් කිරීම (Draft) පෙර දඹුල්ල Giants කණ්ඩායම විසින් රදවාගෙන තිබේ. එමෙන්ම  චාමික කරුණාරත්න සහ දසුන් ශානකද දඹුල්ල කණ්ඩායම රදවාගත් බවට දඹුල්ල Giants නිළ වශයෙන්  නිවේදනය කර තිබේ.

එමෙන්ම Dabulla gaints කණ්ඩායමේ Local Gold player ලෙස මේ වන විට තරග තහනමකට ලක්ව සිටින නිරෝශන් දික්වැල්ල තෝරා ගත් අද (4) එම කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනය කර තිබුණි.

නොවැම්බර් 9 පැවැත්වෙන 2021 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) LPL තරගාවලියේ නිළ රූපවාහිනි විකාශන හිමිකරු වන Supreme TV ඔස්සේ සජීවීව නැරඹිමට හැකි බවට එම ආයතනය නිවේදනය කර ඇත.

LPL තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

 

Leave a Comment