මැතිව්ස් ගේ හදිසි තීරණය පිළිබද අරවින්ද ද සිල්වා කණගාටුවෙන්.

පසු ගිය දිනක ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවයට සමු දීමට සලකා බලමින් සිටින බව ලිපියක් මගින් ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණි

මෙයට හේතුව වී තිබුණේ ජේෂ්ඨයින් හට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම සහ ක්‍රීඩා කොන්ත්‍රාත්තුවේ පවතින ගැටළුකාරී විනිවිද භාවයය.අවසානයේ මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම  ගිවිසුම් අත්සන් කිරීමට එකඟ වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුනට දැනුම් තිබුණේ දැන් සංචාරක කොන්ත්‍රාත්තු පමණක් ලබා දෙන බවය.මෙම ගැටළුකාරී තත්ත්වයන් මත මැතිව්ස් මෙම තීරණය ගැනීමට ඇති බව සියලු දෙනාගේම මතය වේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටු සභාපති කටයුතු අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියේ ඕනෑම ජේෂ්ඨ ක්‍රීඩකයෙක් මේ ආකාරයෙන් කණ්ඩායම හැර ගියහොත් එය කණගාටුවට කරුණක් බවය.

“ඔහු මේ අවස්ථාවේදී ඉවත්වීමට තීරණය කර ඇත්නම් එය කණගාටුවට කරුණක් මම ඔහුව දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙක් ලෙසයි.  ඕනෑම ජේෂ්ඨ ක්‍රීඩකයෙක්, ඔහු මේ ආකාරයෙන් පිටව යනු දැකීමට මා කැමති නැත.”

එසේම ඔහු ක්‍රීඩා කොන්ත්‍රාත්තුව පිළිබඳ ප්‍රශ්නය ප්‍රශ්නකර අතර, මෙම ප්‍රශ්නය හා ගැටළු මණ්ඩලය සමග පසෙකට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සොයා බැලීම වැදගත් බව ඔහු අදහස් දක්වමින් පවසා සිටියහ.

තව දුරටත් අදහස් දැක්වූ අර්වින්ද සිල්වා මහතා පවසා සිටියේ , “මෙම අවස්ථාව මට ලැබුණා නම්, මම එය ලබාගෙන අත් දෙකෙන්ම පිළිගෙන එහි ගොස් මා දන්නා දේ කරන්නෙමි.”

අර්ජුන රණතුංග මහතා විසින් පැවසූ දෙවන පෙළ කණ්ඩායම පිළිබඳවද එතුමා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ඕනෑම තත්වයක වෙනසක් කරන ආකර්ෂණීය ලෙස ක්‍රීඩා කරන විශාල දක්ෂ්තා ඇති කණ්ඩායම් ඉන්දීය කණ්ඩායම බව ඔහු පෞද්ගලිකව සිතන බවය.එසේම ඕනෑම කණ්ඩායමක් දෙවන පෙළක් ලෙස හැඳින්වීය නොහැකි බවය.වර්තමානයේ ක්‍රීඩා කරන ආකාරයට ජෛව බුබුලක් තුල ක්‍රීඩා කිරීම හා එයට ක්‍රීඩකයන් එකතු කිරීමට අපහසු බවත් අභියෝගාත්මක බවත්ය.

මොහු මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ (The New Indian express) හරහාය

 

 

Leave a Comment