ඉන්දියානු කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් ලෙස හැන්දීවිම වරදක් – විරේන්ද්‍ර ෂෙවාග්

ඊ්යේ (18) ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව කඩුලු 7 ක පහසු ජයක් ලැබුවා.. එම ජයග්‍රහණයෙන් පසුව ජාත්‍යන්තර වෙබ් අඩවියකට අදහස් දක්වමින් හිටපු ඉන්දිය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රි ලංකා හිටපු නායක අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කල ” මෙම සංචාරයට පැමිණ ඇත්තේ ඉන්දිය දෙවන පෙළ කණ්ඩායමක් ” යන අදහසට දැඩි විවේචනයක් එල්ල කර ඇත..

එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එක කණ්ඩායමකට සීමා කල නොහැකි දක්ෂ ක්‍රිඩයන් රැසැක් සිටින බවත් ජාතික කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් ලෙස පැවසීම විශාල වරදක් බවත් ය..

එසේම ඉන්දීය කණ්ඩායමේ සංචාරය තුලින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය පිලිබද ඉන්දියානු කණ්ඩායමට ස්තුති විය යුතු බවත් ෂෙවාග් වැඩි දුරටත් පවසා තිබෙනවා..

 

Leave a Comment