භානුක රජපක්ෂට ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවදානමක්..

ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමෙහි එක්දින තරගාවලිය ඉන්දියාව 2-1 එකක් ලෙස ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ජයක්ග්‍රහී මානසිකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා පිල අද ඉන්දියාව සමග පළමු 20 20 තරගය ක්‍රීඩා කිරීම සදහා රාත්‍රී 8 ට පිටියට පිවිසීමට නියමිතය.

අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර හොඳ මානසිකත්වයකින් යුක්තව අද ක්‍රීඩා කරනු ඇති බවට සියලු දෙනාගේ මතය වේ.එසේම අබාදයක් හේතුවෙන් තෙවන එක් දින තරගය මග හැරී ගිය වනිදු හසරංග අද තරඟයට ක්‍රීඩා කිරීමට බොහෝ ඉඩ කඩ ඇත.

නමුත් අතෙහි ආබාධයක්ද සහිතව එක්දින තරගාවලිය ක්රීඩා කල භානුක රජපක්ෂ මේවන විට සිය වම් අතෙහි ආබාධය වැඩිවීම හේතුවෙන්  අද පැවැත්වෙන T20 තරගය මෙන්න ඉන්දීය T20 තරගාවලියම අහිමි වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා

එසේම ඉන්දීය කණ්ඩායමේ සූර්ය කුමාර් යාදේව් සහ ප්‍රිති ෂෝ එංගලන්ත තරග සංචාරය සදහා සහභාගි වන අතර එම ස්ථාන සදහා දෙව්දත් පඩික්කාල්ට හෝ රුට්‍රාජ් ගයික්වාඩ් හට විස්සයි 20 වරම් හිමිවනු ඇතැයි වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් මාධ්‍ය හමුවේදි  “ අපේ හොදම කණ්ඩායම ක්‍රීඩා කරවනවා ” යනුවෙන් සදහන් කළා..

ඒ අනුව අද තරගයට ක්‍රිඩා කල හැකි ක්‍රිඩකයින් ,

Sri Lanka (probable):

අවිශ්ක ප්‍රනාන්දු
මිනොද් භානුක
පැතුම් නිස්සංක / භානුක රාජපක්ෂ
දනන්ජය ද සිල්වා
චරිත් අසලංක / දනන්ජය ලක්ෂාන්
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
ඉසුරු උදාන
අකිල දනන්ජය
දුශ්මන්ත චමිර

India (probable):

දෙව්දත් පඩික්කාල්
ශිකර් ධාවාන්
ඉෂාන් ක්‍රිෂන්
සන්ජු සැම්සන්
රුට්‍රාජ් ගයික්වාඩ්
හර්දික් පාණ්ඩයා
කුනාල් පාණ්ඩයා
දිපක් චහර්
බුවනේෂ්වර් කුමාර්
යුස්වේන්ද්‍ර චහර්

කුල්දිප් යාදෙව්

Leave a Comment