කුසල් මෙන්ඩිස්, ගුණතිලක, දික්වැල්ල පිළිබද අවසන් තීරණයට දින නියම වෙයි..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉකුත් දිනයකදී නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ.

තමන් මේ වන විට 29 හැවිරිදි වියේ පසු කරමින් සිටින බවත් එය සෑම ක්‍රීඩකයෙකු ගේ හොදම කාලය බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.එසේම එම ලිපිය මගින් ඔහු තව දුරටත් පවසා ඇත්තේ ඒවෙනි වරදක් තමා සිදු කළ පළමු අවස්ථාව බවත් එමනිසා තමාට පුහුණු විම් සදහා හෝ අස්ථාව ලබා දෙන මෙන් ය.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබුණි.එසේම පසුගිය සතියේ ඔවුන් සම්බන්ධ චෝදනා පත්‍රය භාර දී තිබූ අතර එයට පිළිතුරු දීමට දින තුනක කාලයක් ඔවුනට ලබා දී තිබුණි.එමෙන්ම වාර්තා වන ආකාරයට අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනාම පිළිතුරු ලබා දී ඇති බවටයි සදහන් වනුයේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කරනු ලැබුවේ දික්වැල්ල මෙනඩිස් හා ගුණතිලක ඔවුනට එල්ල වි තිබෙන චෝදනා සම්බන්ධයෙන් වරදකරු ලෙස වරද පිළිගතහොත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවය.

එසේම ඉදිරි සතිය තුල තිදෙනා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම සදහන් කරන ලදී.

ඔවුන් හා ගනු ලබන අවසාන තීරණයත් සමග ඉදිරි සංචාර සදහා එනම් දකුණු අප්‍රිකානු හා වසරේ අවසාන කාලය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කරා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තෝරාගනු ලබනවාද යන්න තීරණය කිරීමට නියමිතව තිබෙන බවද සිල්වා මහතාගේ අදහස විය.

Leave a Comment