ඩිල්ෂාන් මුනවීර , අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් කැදවීමට අවශ්‍යම මොහොතක් වුවද එය කළ නොහැකි – SLC

ඉන්දු ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය. මෙහිදී ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක් සිදු වීමට නියමිතව තිබේ.

පළමු තරගෙයේදි ආබාධයකට ලක් වූ චරිත් අසලංක හට අද දින යෝග්‍යතා පරික්ෂනයක් සිදු කිරීමට නියමිත අතර එහි ප්‍රෙතිපල අනුව ඔහු ක්‍රීඩා කරනවද නැද්ද යන්න තීරණය කරනු ලැබේ.

පෙර තරගයේ අසාර්ථක වූ අශේන් බණ්ඩාර වෙනුවට එම ස්ථානය සදහා ක්‍රීඩකයන් දෙදෙනෙකු සලකා බලනු ලබන අතර සදීර හෝ පැතුම් වෙත වැඩි නැඹුරුවක් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළහ.

කෙසේ වෙතත් අසලංක අද දින පවත්වන යෝග්‍යතා පරීක්ෂනයෙන් අසමත් උවහොත් ඉහත ක්‍රීඩකයන් දෙදෙනාටම අවස්ථාව හිමි වන බව ඔහු සදහන් කළහ.

එමෙන්ම බානුක හට මෙම තරගාවලිය මග හැරී යාමේ ඉඩකඩ වැඩි බව ඔහු සදහන් කළ අතරම ඩිල්ෂාන් මුනවීර අසේල ගුණරත්න යන ක්‍රීඩකයන් සංචිතයට කැඳවන බව යන ප්‍රචාර වල කිසිම සත්‍යතවක් නොමැති අතර ඔවුන් කැදවීමට අවශ්‍යම මොහොතක් වුවද ජෛව ආර්ක්ෂිත බුබුල හේතුවෙන් එසේ කළ නොහැකි බව ආරංචි මාර්ග සදහන් කරනු ලබයි.

තරගාවලිය ජයග්‍රහනය කිරීමට නම් අද තරගය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතු අතරම ශක්තිමත් මැද පෙළක් සමග සටනට පිවිසිය යුතු බව විචාරක මතය වේ.

Leave a Comment