නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි මුල් ස්තාන 20 ඇතුලත ශ්‍රි ලංකා පන්දු යවන්නන් තිදෙනෙක්.. ..

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තවදුරටත් දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 764 ක් ලබා ගනිමින්.

කෙසේ නමුත් තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 792 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටබ්රෙයිස් ෂම්සියි.

ඒ අනුව වනිඳු හසරංග ෂම්සිට වඩා ප්‍රසාද ලකුණු 28 ක් පිටුපසින් සිටිනවා.

මේ අතර දුෂ්මන්ත චමීරද ශ්‍රේණිගත කිරීම් හි 18 වන ස්තානය දක්වා ඉහළට පැමීනීමට හැකි වී තිබේනවා..

එමෙන්ම පසුගිය ඉන්දිය සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ක්‍රිඩා කිරිමට අවස්තාව හිමි නොවූ ලක්ෂාඅන් සදකැන් විස්සයි විස්සය පන්දු යන්වන්නන් අතර 14 වන ස්තානයේ රැදී සිටි..

 

Leave a Comment