ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට එංගලන්තයෙන් ආරාධානාවක්..

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට එළඹෙන එංගලන්ත සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස නියෝජනය කිරීමට ආරාධනාවක් එම කණ්ඩායමෙන් ලැබි තිබෙන බව වාර්තා වනවා..

එංගලන්ත County Championship 2021 තරගාවලියේ අගෝස්තු 30 ඇරඹේ. Division Stage තරග වටය සඳහා ‘Nottinghamshire’ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

Nottinghamshire කණ්ඩායම මෙවර County Championship 2021 තරගාවලියේ Group Stage හීදී Group 1 යටතේ තරග වදින අතර ඒ යටතේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා Somerset කණ්ඩයමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

 

 

Leave a Comment