ගෞතම් ගාම්බිර්ට අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට..

ගෞතම් ගාම්බිර් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් වටය ( semi final ) සඳහා ක්‍රීඩා කරාවි යැයි ඔහු සිතන කණ්ඩායම් 4ක් නම් කරන ලදී එමෙන්ම  20 – 20 ලෝක ශූරතාවය දිනාගැනීම සදහා ඉන්දීය කණ්ඩායමටද විශාල ඉඩකඩක් පවතින බව සදහන් කර තිබෙනවා.. ඔහුට අනුව  ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව්වන්  අර්ධ අවසන් වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් 4 ලෙස අදහස් පළකර තිබෙනවා..

2021 ජාත්‍යන්තර 20 20 ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ වර්ගීකරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදෙන කර තිබේ. ඒ අනුව සුපිරි 12 අතරට තේරී පත් වීම සදහා මූලික වටයේ කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්වේ. එම කණ්ඩායම් A හා B ලෙස වර්ග කර ඇත.

A කාණ්ඩය යටතේ
ශ්‍රී ලංකාව
අයර්ලන්තය
නෙදර්ලන්තය
නැමිබියව ද

B කාණ්ඩය යටතේ
බංගලාදේශය
ස්කොට්ලන්තය
පැපුවා නිව්ගිනියාව
ඕමනය ද තරග වදිනු ලැබේ.

සුදුසුකම් ලැබීමේ තරග අවසානයේ  A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පළමු කණ්ඩායම දෙක සුපිරි 12 (සුපිරි වටය) දෙන අතරට එක් වේ.

සුපිරි වටයට අදාල කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම් වනුයේ.

පළමු කාණ්ඩය යටතේ
ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාව
එංගලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
A කාණ්ඩයේ ශුරයින්
B කාණ්ඩයේ ශූරයන් තරග වැදීමට නියමිතව තිබේ.
දෙවන කාණ්ඩය යටතේ
ඉන්දියාව
නවසීලන්තය
ඇෆ්ගනස්ථානය
පකිස්ථානය
B කාණ්ඩයේ ශූරයින්
A කාණ්ඩයේ අනු ශූරයන් තරග වැදීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20 20 ලෝක කුසලානය සඳහා සුදුුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කළයුතු අතර ඒ අනුව

ඔක්තෝම්බර් 18 අබුඩාබි හි නැමිබිය කණ්ඩායම සමගද

ඔක්තෝම්බර් 20 අබුඩාබි හි අයර්ලන්තය සමගද

ඔක්තෝම්බර් 22 ශාජා හීදී නෙදර්ලන්ත කණ්ඩායම සමගද ක්‍රීඩා කිරීමට නියමිතය.

Leave a Comment