අද (24) පැවැත්වෙන අවසන් මහා තරගය සජීවීව විකාශනයට තවත් නාලිකාවක් එක්වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන DialogSLC20 ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතර අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ ශූරයින්ට හා අනුශූරයින්ට හිමිවන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ප්‍රකාශයට පත් කළ අතර

ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන දෙකක මුදලක් අනුශූරයින්ට ලක්ෂ 15ක මුදලක් ද තරගාවලියේ වීරයාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් හිමිවීමට නියමිත අතර, අවසන් තරගයේ වීරයාට හිමි වන ත්‍යාග මුදල රුපියල් 50,000 ලබා දෙන බව ක්‍රිකට් ආයතන නිවේදනය කළා.

එමෙන්ම අවසන් මහා තරගය චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරගය Dialog TV Channel 1 හා SLC YouTube නාලිකාව ඔස්සේ ද Thepapare.com Facebook හරහාද නැරඹිය හැකියි.

 

Leave a Comment