ශ්‍රී ලංකා කණ්ඩායම තම නමට ඉදිරියෙන් තවත් වාර්තාවක් සටහන් කරගනී..


ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ ඊයේ ( ජුලි 1 ) දින පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් ඉන්දියාව 427ක් සහ පාකිස්ථානය තරග 414ක් පරාජයට පත්වී ඇත.

1975 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග 860ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 390ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 428ක්.

2015 වර්ෂයේ සිට පැවති එක්දින තරග වලින් ශ්‍රී ලංකාව ලද පරාජය සීයයට 62ක් වනවා.

මේ වන ශ්‍රි ලංකාව 2023 එකදින ලෝක කුසලාන තරගවලියට සමගාමිව පැවැත්වෙන ODI SUPER LEUGE තරගාවලියේ තවමත් අවසන් ස්තානයේ පසුවෙන අතර තරගාවලියේ ලද 7 වන පරාජයද වනවා..

Leave a Comment