ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසැක්…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග සැප්තැම්බර් මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කලකට පසුව සීමිත පන්දුවාර තරග සදහා හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කැදවා තිබිම විශේෂත්වයක් එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා ද යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබේ නමුත් ඔහුට දකුණු අප්‍රිකාව සමග සැප්තැම්බර් මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටියා..

එමෙන්ම නිමා වූ ආරාධිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ කමිදු මෙන්ඩිස්, ළහිරු මධුෂංක, මහීෂ් තීක්ෂණ හා පුලින තරංග යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

එමෙන්ම ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ  අශේන් බණ්ඩාර සහ දනන්ංජය ලක්ෂාන් යන ක්‍රිඩකයින්ට අද(30) නම් කළ  මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

අද(30)  ශ්‍රී ලංකා සංචිතය

Dasun Shanaka    C

Dhananjaya De Silva   VC

Kusal Janith Perera

Dinesh Chandimal

Avishka Fernando

Bhanuka Rajapaksa

Pathum Nissanka

Charith Asalanka

Wanindu Hasaranga

Kamindu Mendis

Minod Bhanuka

Ramesh Mendis

Chamika Karunaratne

Nuwan Pradeep

Binura Fernando

Dushmantha Chameera

Akila Dananjaya

Praveen Jayawickrema

Lahiru Kumara

Lahiru Madushanka

Pulina Tharanga

Maheesh Theekshana

Leave a Comment