වර්ෂාව ශ්‍රී ලංකාව අඩි කිහිපයක් ඉදිරියට ගෙන එයි..



ශ්‍රී ලංකා එංගලන්ත තරග සංචාරයේ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරඟයට විටින් විට වර්ෂාව බාදා වීමත් සමග තරග තීරක වරුන් විසින් එම තරගය අතහැර දැමීමට තීරණය කරන ලදී.

එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ජයක්ග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරදනා කරන ලදී සුපුරුදු පරිදි මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මෙම තරගයේ ද දක්නට ලැබිනි. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41.1 පන්දුවක් අවසානයේ රැස් කර ගැනීමට හැකි යුයේ ලකුණු 166 ක් පමණි. දසුන් ශානක නොදැවී ලකුණු 48 යි. ඉන් පසු දිගටම වර්ෂාව ඇද හැලීමත් සමග තරගය අත හැර දමන ලදී.

මෙම තරගය විසඳුමකින් තොරව නිමා වීමත සමග ශ්‍රී ලංකා කණ්ඩායම අයිසීසී ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අභිබවා අවසන් ස්ථානයේ සිට (13) 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් විය. ඒනම් ප්‍රසාද ලකුණු 5 ක් හිමි වීමත් සමගය.

අයිසීසී ලෝක කුසලාන සුපර් ලීගයෙහි තරග 9 ක් ක්‍රීඩා කළ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 7කම පරාජයට පත්ව ඇති අතර ජය ගැනීමට හැකි වූයේ එක් තරඟයක් පමණී.විසඳුමකි න් තොරව අවසන් වූ තරග එකකි.

අයිසීසී ලෝක කුසලාන සුපර් ලීගයෙහි ලකුණු සටහන මෙසේය

1 එංගලන්තය

2 බංගලාදේශය

3 පාකිස්තානය

4 ඕස්ට්‍රේලියාව

5 නව සිලන්තය

6 ඇෆ්ගනස්ථානය

7 බටහිර ඉන්දීය කොදෙව්

8 ඉන්දියාව

9 නෙදර්ලන්තය

10 අයර්ලන්තය

11 ශ්‍රී ලංකාව

12 සිම්බාබ්වේ

13 දකුණු අප්‍රිකව

Leave a Comment