බ්‍රෙන්ඩන් මැකලම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශකයෙකු එක්කර ගැනීමට සාකච්ඡා අරඹයි..

ශ්‍රී ලංකා එක්දින සහා විස්සයි විස්ස නායක දසුන් ශානක තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙස මීට දින කිහිපයට පෙර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ඉල්ලීම්ක් සිදුකොට තිබුණි. මෙහිදී තමන්ට සහ තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙසට සහ පන්දුව පැයට කිලෝමීටර 145ට වඩා වේගයෙන් පන්දුව විසි කළ හැකි පන්දු විසි කරන්නන් දෙදෙනකු හෝ ලබා දෙන … Read more

දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි – ටෙම්බා බවුමා

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා අතර එළඹෙන සැප්තැම්බර් 2 වනදා සිට එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්ස තරග 3 ක්  ආරම්භ වීමට නියමිතව ඇත. එම තරඟ සංචාරයට අදාලව මිට දින කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවේදී, දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් “දගපන්දු යවන්නන් යොදාගෙන ශ්‍රී ලංකාව පරාජය කළ හැකියි.”  යනුවෙන් පවසා සිටියා.. මෙම … Read more

ගෞතම් ගාම්බිර්ට අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට..

ගෞතම් ගාම්බිර් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අර්ධ අවසන් වටය ( semi final ) සඳහා ක්‍රීඩා කරාවි යැයි ඔහු සිතන කණ්ඩායම් 4ක් නම් කරන ලදී එමෙන්ම  20 – 20 ලෝක ශූරතාවය දිනාගැනීම සදහා ඉන්දීය කණ්ඩායමටද විශාල ඉඩකඩක් පවතින බව සදහන් කර තිබෙනවා.. ඔහුට අනුව  ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව්වන්  අර්ධ අවසන් වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් … Read more

දික්වැල්ල එංගලන්ත සංචාරයෙන් පසුව උසස් මනෝ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගනී..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි. එසේම ක්‍රීඩකයින් සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක දඩයක් ද නියම කෙරිණි.  කෙසේ වෙතත්, මේ වන විට ක්‍රීඩකයින් දඩ … Read more

කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වන බවට වාර්තා අසත්‍යයි

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමරිකා ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බව පුවතක් සංසරණය විය. ඊට දින කිහිපයකට පසු කුසල් මෙන්ඩිස් ඒ සම්බන්ධව අදහස් දැක් වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ රට අතහැර ඇමරිකාවට යාමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති අතර තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමා ගේ එකම … Read more

කුසල් ජනිත් පෙරේරා ඇතුලු කිහිපදෙනෙක් පොලිසියට..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් පොලිස් නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වේ. ඒ අනුව ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් බඳවා ගැනීමේ සුදානමක් ඇති බවට ද වැඩිදුරටත් වාර්තා වේ.2009 වසරේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යොමු වන කුසල් එතැන් පටන් මේ … Read more

චන්දිමාල් නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම පරදවා ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් BLUES කණ්ඩායම ලකුණු 56ක ජයක් වාර්තා කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් ඊයේ (13) පැවැත්වුණි. පළමු තරයෙන් එක් ලකුණක තියුණූ ජයක් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණූ 167ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් … Read more

තම එකම අරමුණ තවදුරටත් රට වෙනුවෙන් ක්‍රිඩා කිරිමයි – කුසල් මෙන්ඩිස්

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බව පුවතක් සංසරණය විය. ඒ පිළිබද නවසිලන්තය අතහැර ඇමරිකානු කණ්ඩායම සමග එක් වූ  Corey Anderson ගේ නිල facebook ගිණුමේද විදේස් වෙබ් අඩවියක් උපුටා දක්වමින් More retirements coming up ලෙස සටහනක් තබා තිබේ.. නමුත් අද දින ඒ සම්බන්දයෙන් විමසූ … Read more

වර්තමාන බංගලාදේශ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔවුන්ගේ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ගේ දක්ෂතා වලට සමානයි – Ashton Agar

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුනේ බංගලාදේශයේ Sher-e-Bangla ක්‍රීඩාංගනදී පැවැත්වූ 3 වන විස්සයි විස්ස තරගයද බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිම ජය ගැනිමට සමත් විය. බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් … Read more

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට එංගලන්තයෙන් ආරාධානාවක්..

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට එළඹෙන එංගලන්ත සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස නියෝජනය කිරීමට ආරාධනාවක් එම කණ්ඩායමෙන් ලැබි තිබෙන බව වාර්තා වනවා.. එංගලන්ත County Championship 2021 තරගාවලියේ අගෝස්තු 30 ඇරඹේ. Division Stage තරග වටය සඳහා ‘Nottinghamshire’ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් … Read more