LPL තරගාවලියේ ‘Colombo’ කණ්ඩායමට නව හිමිකරුවෙක්…

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග වදින ‘Colombo’ කණ්ඩායමේ නව හිමිකරු ලෙස එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන 27th Investment හි ප්‍රධානී ඉන්දීය ජාතික ‘Anil Damani’ මහතා හිමිකාරිත්වය ලබා ගත් බව  IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

LPL තරඟාවලියට පිවිසීම පිළිබඳව අදහස් දක්වමින් Damani,  “Colombo franchise හි හිමිකරු ලෙස Lanka Premier League තරඟාවලියට පිවිසීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. Lanka Premier League එහි පසුගිය වාරයේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ අතර ඒ නිසා මම එයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා. මම කොළඹ කණ්ඩායම ලෝකයේ හොඳම T20 ෆ්‍රැන්චයිස් එකක් බවට වර්ධනය කිරීමට උනන්දුවෙන් බලා සිටිමි.”  යනුවෙන් ඒ මහතා පැවසුවා.

මෙම නව හිමිකාරිත්වය යටතේ Colombo කණ්ඩායමේ නව නාමය මෙතෙක් නිවේදනය කර නොමැත.

Leave a Comment

Exit mobile version