අයර්ලන්තය ,නෙදර්ලන්තය නැම්බියාව සමගින් ශ්‍රි ලංකාව A කාණ්ඩයට..

2021 ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් වර්ගීකරණයන් අද ( 16 ) දින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිය විසින් නිකුත් කරනු ලැබූවා..

ඒ අනුව සුපිරි 12 අතරට තේරී පත් වීම සදහා මූලික වටයේ කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්වේ. එම කණ්ඩායම් A හා B ලෙස වර්ග කර ඇත.

A කාණ්ඩය යටතේ

ශ්‍රී ලංකාව
අයර්ලන්තය
නෙදර්ලන්තය
නැමිබියව ද

B කාණ්ඩය යටතේ

බංගලාදේශය
ස්කොට්ලන්තය
පැපුවා නිව්ගිනියාව
ඕමනය ද තරග වදිනු ලැබේ.

සුදුසුකම් ලැබීමේ තරග අවසානයේ A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පළමු කණ්ඩායම දෙක සුපිරි 12 (සුපිරි වටය) දෙන අතරට එක් වේ.

සුපිරි වටයට අදාල කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම් වනුයේ.

පළමු කාණ්ඩය යටතේ

ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාව
එංගලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
A කාණ්ඩයේ ශුරයින්
B කාණ්ඩයේ ශූරයන්   තරග වැදීමට නියමිතව තිබේ.

දෙවන කාණ්ඩය යටතේ

ඉන්දියාව
නවසීලන්තය
ඇෆ්ගනස්ථානය
පකිස්ථානය
B කාණ්ඩයේ ශූරයින්
A කාණ්ඩයේ අනු ශූරයන්  තරග වැදීමට නියමිතය.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදෙනය කර තිබෙනුයේ තරගාවලිය ඕමානයේ සහ එක්සත් එමීර් රාජ්‍යය යෙදී පවත්වන බවත් තරග කාල සටහන ඉදිරියේදී නිකුත් කරන බවත්ය.

 

Leave a Comment

Exit mobile version