ක්‍රිකට් ආයතනයෙන් අවුරුදු 19 පහළ කණ්ඩායමට දිරි දිමනාවක්..

ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සංචාරයන් එළබෙන ඔක්තෝබර් මස සිට ආරම්භ විමට නියමිත අතර ඉදිරියේදි පැවත්විමට නියමිත ආසියානු කුසලාන සහ වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට මාස 3 කට වරක් රුපියල් ලක්ෂයක් බැගින් දිරි දිමනාවක් ලබා දීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

19 පහළ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග 5 ක් ඇතුළත් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 07 වැනිදා ආරම්භවිමට නියමිතය.

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉදිරි මාස 5 ක කාලයක් සදහා මහේල ජයවර්ධන මහාතා උපදේශකයකු ලෙස කටයුතු කරන අතර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ, භෞත චිකිත්සකවරයා ලෙසද බුද්ධික හේරත් අභ්‍යාසක ලෙසද කටයුතු කරයි.

Leave a Comment

Exit mobile version