අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අඩුවක්…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (25)  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. එහිදි ලකුණු 38 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය..

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට ( 27 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  රාත්‍රි 8 ට ආරම්භ විමට නියමිතය.

ඊයේ තරගයේදි විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කල චරිත් අසලන්ක පාදයේ අබාදයකට ලක්ව ඇති බවට වාර්තා වනවා.. තරගයෙන් අනතුරුව චරිත් අසලංකගේ MIR පරික්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරි තරග 02 සදහා ඔහුගේ සහභාගිත්වය තිරණය කිරිමට නියමිතව ඇත.

එමෙන්ම ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා භානුක රාජපක්ෂට ඉන්දියාවට එරෙහි විස්සයි විස්සයි තරගාවලියම අහිමි වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පැතුම් නිස්සංක ද පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව ඇති බවත් ඔහු ද වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව ඉදිරි තරග 02 සදහා ඔහුගේ සහභාගිත්වය තිරණය කිරිමට නියමිතව ඇත.

එම හේතුවෙන් ශ්‍රි ලංකා සංචිතය තුල සිටින මුල්පෙළ පිතිකරුවන් රැසැක් නොමැතිව හෙට තරගයට ශ්‍රි ලංකා කණ්ඩායම පිවීසීමේ වැඩි ඉඩකඩක් ඇත.

එමෙන්ම මෙම තරගාවලියට පෙර සිටම වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ද අබාදයන්ට ලක් වී ඇත.

 

 

Leave a Comment

Exit mobile version