ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තිරණයක…

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලියවිල්ල ක් යොමු කරමින් පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බවය.

මැතිව්ස් මේ වන විටත් සාකච්ජා කරමින් සිටින බවත් ඉදිරි සති කිහිපය තුලදී තීරණය දැනුම් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම තත්වය උද්ගත වූයේ ක්‍රිකට් ආයතනය සීමිත ඕවර තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් නොසැලක හැරීම සමගය හා තරුණ කණ්ඩායමක් සමගින් එංගලන්ත තරග සංචාරය බලා පිටත් වීමෙන් පසුවය.මෙයට ප්‍රධානතම හේතුව වුයේ නව කොන්ත්‍රාත් ක්‍රමයේ පවතින පාරදෘශ්‍යභාවය පිළිබදව මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එය ප්‍රශ්න කරමින් එයට විරුද්ධ වීමත් සමගය.

ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මැතිව්ස් ඇතුළු ගිවිසුම් අත්සන් කිරීමට එකඟ වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුනට දැනුම් තිබුණේ දැන් සංචාරක කොන්ත්‍රාත්තු පමණක් ලබා දෙන බවත් ඊයේ රාත්‍රියේ ඉන්දීය තරගාවලියට ලැයිස්තගත කර ඇති සියලුම ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේ ඇති වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව සංචාරක ගිවිසුම් අත්සන් කර තිබුණි

2018 වසරේ පිතිකරණ සාමාන්‍ය 52 ක් ද 2017 වසරේ 63 ක් ද 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවෙකු ලෙසද කටයුතු කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ය එමෙන්ම අබාද වලින් අනතුරුව ඔහු යම් තාක් දුරකට නැවත පන්දු යැවීමෙන් තම උපරිමය දීමටද කටයුතු කරන ලදී. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ මට්ටම් වලටද ඔහු ඉතා සාර්ථක ලෙස මුහුණ දුන්හ.

දිගින් දිගටම අවස්ථාව නොලැබීම නිසා මීට පෙර තිසර පෙරේරා ද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන් අතර මැතිව්ස් ට ද එම ඉරණම අත් නොවීමට වග බලා ගත යුතු වේ. මන්ද අපට සිටිනා ජේෂ්ඨතම අත්දැකීම් බහුල හා තරග දිනවිය හැකි ප්‍රබලම ක්‍රීඩකයා ඔහු වන බැවිණි.

Leave a Comment

Exit mobile version