ඉසුරු උදානව මෙවරත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම රදවා ගනී..

මෙවර පැවැත්වීමට නියමිත T 10 ලීගය සදහා හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත.

ගියවර තරගාවලියට ද ඉසුරු උදානව තෝරා ගෙන තිබුනද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා නොදීම හේතුවෙන් ඉසුරු උදාන හට තරගාවලියට සහභාගි වීමට නොහැකි විය.

මෙවර කැරිබියන් ලීගයෙහි දැක් වූ දක්ශතා පදනම් කර ගනිමින් ඉසුරු උදාන මෙලෙස කණ්ඩායම තුළ රඳවා ගැනීමට ඔවුන් තීරණය කර ඇත. කැරිබියන් ලීගයෙහිදි ඉසුරු උදාන තරඟ 07 කදී කඩුලු 11 ක් හා පිත්තෙන්ද යම්තාක් දුරකට දස්කම් දැක්වීමට සමත් විය.

ඒ අනුව ඉසුරු උදාන සමග තවත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු කණ්ඩායම තුළ රඳවා ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තීරණය කර ඇත. එනම් ජොන්සන් චාල්ස්, ඇන්ඩෘ ෆ්ලෙචර්, කයිස් අහමඩ් හා චිරාග් සූරි යන ක්‍රීඩකයන් මෙලෙස කණ්ඩායම තුළ රඳවා ගෙන තිබේ.

T 10 තරගාවලිය ලබන මස නොවැම්බර් 19 සිට දෙසැම්බර් 04 වැනි දින දක්වා එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියල්ල සැලසුම් කර ඇත.

Leave a Comment

Exit mobile version