ක්‍රිකට් පරිපාලනයට හෝ LPL ක්‍රීඩා කිරීමට කිසිදු ආකාරයක අදහසක් නැ – රෝහිත රාජපක්ෂ

අග්‍රාමාත්‍යවරයගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට සූදානමෙන් සිටින බවට පසු ගිය දා මාධ්‍ය රැසක පළ කර තිබුණි. මේ පිළිබඳව ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබුණි.

 

 

 

 

 

 

ඒ අනුව ඔහු පවසා තිබුණේ මෙම පලවන පුවත් හී කිසිදු සත්‍යතවක් නොමැති බවය. එමෙන්ම තා ක්‍රිකට් පරිපාලනයට හෝ LPL ක්‍රීඩා කිරීමට කිසිදු ආකාරයක අදහසක් නොමැති බව ඔහු එම පණිවිඩයේ දක්වා තිබුණි.

තවද ඔහු පවසා සිටියේ තමාගෙන් විමසා මෙහි පවතින සත්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව මෙවැනි අසත්‍ය මාධ්‍යය වාර්තා පල කිරීමෙන් පෙනී යන්නේ සමහරක් මාධ්‍යන්ගේ වගකීම් විරහිත හැසිරීම් බවය.

තමන් සියයට සියයක් ක්‍රීඩාවට කැප වෙන බවත්, ඊට හේතුව තමා ක්‍රීඩාවට දැඩි ඇල්ල්‍මක් දක්වන බවත් තව තවත් එක් නිවේදනයක දක්වා තිබුණි.

තමන් මේ වනවිට සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සූදානම් වන අතර ආදී තොම්සන් ක්‍රිකට් කණ්ඩායම සමඟින් තමන් නේ වන විට ක්‍රිකට් ක්‍රිඩාවේ නියැලෙන බව පණිවිඩයේ දක්වා තිබුණි.

 

 

 

 

Leave a Comment

Exit mobile version