ක්‍රිස් ගේල් මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග වලින් නික්ම යයි..

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් 2021 අයිපීඑල් ජෛව බුබුලෙන් ඉවත් විමට තිරණය කර තිබෙන බව පන්ජාබ් කිංග්ස් හි කළමණාකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පවසන පරිදි එළබෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර මානසිකව සුවයක් ලබා ගැනිමේ අරමුණින් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මෙම තිරණයට එළෙඹ ඇති බවයි.

පන්ජාබ් කිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “පසුගිය මාස කිහිපය තුළදී, මම සීඩබ්ලිව්අයි බුබුලේ, සීපීඑල් බුබුලේ පසුව අයිපීඑල් බුබුලේ කොටසක් වූ අතර, මානසිකව නැවත සුවයක් ලබා ගැනීමට මම කැමතියි. විස්සයි 20 ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රිඩා කිරීම ගැන නැවත අවධානය යොමු කිරීමට මට අවශ්‍යයි. ඩුබායි හි විවේක ගැනීමට කැමතියි, ”යනුවෙන් ගේල් උපුටා දක්වමින් පන්ජාබ් කිංග්ස් පැවසීය.

42 හැවිරිදි ගේල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අයිපීඑල් 2021 තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙකෙදී ලකුණු 15 ක් රැස් කර ඇති අතර ඔහු සමස්තයක් වශයෙන් ගත් කල, ගේල් මෙවර තරග 10 කදී ලකුණු 193 ක් රැස් කළේය, එම කාලය තුළ ලබාගත් හොඳම ලකුණු සංඛ්‍යාව 46 ක් විය.

තරග 11 කදී ලකුණු 8 ක් ලබා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ප්ලේ ඕෆ් වරම් ලබා ගැනීමේ අවස්ථාව තවමත් ඇති නමුත් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ අනිල් කුම්බ්ලේ පැවසුවේ විවේකයක් ලබා ගැනීමට ගේල් ගත් තීරණයට තමා ගෞරව කරන බවයි.

Leave a Comment

Exit mobile version