ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්ත සංචාරය නිම විමට පෙර දිවයිනට

සමාජ මාදයාජාල වල සැරිසරන වීඩියෝ පටයක් හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත තරග සංචාරය නිමා වීමටත් ප්‍රතම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැවත ඔවුන් ශ්‍රී ලංකාව ට කැඳවන ලදී. ඒ මතුවී තිබෙන ගැටළුකාරී ස්වාභාවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේය.

මෙම ක්‍රීඩකයන් තිදෙනා මධ්‍යම රාත්‍රියේ ඩර්හම් නුවර විදියක් තුළ දුම්වැටියක් පානය කිරීමට උත්සාහ දරන ආකාරය සහ ඉබාගාතේ ඇවිදිමින් සිටින ආකාරය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෙක් තම ජංගම දුරකථනයෙන් පටිගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචලිත කිරීමත් සමග දැඩි දෝෂාරෝපණ එල්ල විය එම හේතු මත පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටියේ
උපුටා ගැනීම (sri lanka cricket)

“2021 ජුනි 28 වන දින උප නායකයා වන කුසල් මෙන්ඩිස්, කඩුලු රකින්නා – බැට්ස්මන් නිරෝෂන් ඩික්වෙල්ලා සහ පිතිකරු දනුෂ්ක ගුණතිලක වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ශ්‍රී ලංකාවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. මෙම තීරණය ගනු ලැබුවේ සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව කරන ලද මූලික පරීක්ෂණයකින් පසුව ය. එම ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ගේ නම් කරන ලද හෝටලයෙන් පිටත දැක ගත හැකිය. ක්‍රීඩකයින් නැවත කැඳවීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගනු ලැබූ අතර, ඒ පිළිබඳ ‘කළමනාකරුගේ වාර්තාව’ පදනම් කරගෙණය. මෙම සියලු පරීක්ෂණ අවසන් වන තුරු මෙම ක්‍රීඩකයන් තිදෙනා හට සියලුම තරග රටා තුළ තරග තහනමක් පනවනව” – අවසන්

උපුටා ගැනීම අවසන්

මීට ප්‍රෙතිචාර වශයෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය පවසන ලද්දේ (ස්වර්ණවාහිනී පුවත්)

උපුටා ගැනීම

” කුසල් සහ දික්වැල්ල කිසිදු ආකාරයේ වැරැද්දක් සිදු කර නැහැ ඔවුන් තිදෙනා නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති නිසා වීදි සංචාරයේ කිරීම ගැටලුවක් නැහැ ඔවුන් කළ ඇති එකම වරද මුහුණු ආවරණයක් නොපැළද ගමන් කිරීමයි ”
උපුටා ගැනීම අවසන්

මීට පෙරද මෙම ක්‍රීඩකයන් යම් කිසි විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වූ අතර කිසිදු ක්‍රියාමාර්ගයන් නොගැනීම මෙයට හේතු බව ප්‍රේක්ෂක මතයයි…

මේ අතර විස්සයි විස්ස තරග අතර තුර අබාදයකට ලක් වු අවිශ්ක ප්‍රනාන්දු ද මෙම ක්‍රිඩකයන් සමග ශ්‍රි ලංකාවට පැමිනේන බව වාර්තා වෙයි..

Leave a Comment

Exit mobile version