කුසල් මෙන්ඩිස් කියන්නේ විරාට් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..

කුසල් මෙන්ඩිස් යනු විරාත් කෝලි හා සමාන ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඔහුන්ගේ නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද ක්‍රිකට් ක්‍රීඩාව මෙම පවතින තත්ත්වයට වැටී ඇත්තේ පරිපාලනය ගත් වැරදි තීරණ නිසා බව ද ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ දක්ෂතා සහිත ක්‍රීඩකයන් බොහෝ සිටින බවත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගත යුතු බවත් ඔහු කියා සිටියි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Exit mobile version