කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට නියම කළ ක්‍රිකට් තහනම ඉවත් කරයි.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට නියම කළ දේශීය ක්‍රිකට් තහනම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉවත් කර තිබෙන බවට Daily Mirror පුවත්පත වාර්ථා කරනවා.

මීට මාස කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට වසරක ජත්‍යන්තර තරග තහනමක් සහ මාස හයක දේශිය ක්‍රිකට් තහනමක් ද ඒ සඳහා රුපියල් මිලියනයක දඩයක් ද ඉකුත් දිනයකදී නියම කෙරිණි.

දේශීය ක්‍රිකට් තහනම අඩු කිරීම පිළිබඳව ඊයේ පෙරවරුවේ පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබූ අතර , ලබන මාසයේදී තම ක්‍රිඩා සමාජ නියෝජනය කිරීමට ක්‍රීඩකයින්ට අවසර දෙන බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා තහවුරු කළේය.

“දඩ මුදල් ගෙවීමට යටත්ව ඔවුන්ට ආපසු ක්‍රිඩා කිරිමට ඉඩ දෙන බව අපි අමාත්‍යාංශයට දැනුම් දෙනවා” යනුවෙන් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශිත උපදේශකයෙකු හමුවීමට ද නියෝග කර තිබූ අතර තහනම ඉවත් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන අවසන් වාර්තාව තවමත් ඔවුන්ට ලැබී නැති අතර, ක්‍රිකට් ක්‍රීඩකයින් ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇති බවට සදහන්.

කෙසේ වෙතත්, තමන්ට පනවා ඇති දඩූවම් නැවත වරක් සලකා බලන ලෙස ඉල්ලා ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයට සහ ක්‍රිකට් ආයතනයට ලිඛිතව අබියාචනවක් ඉදිරිපත් කළහ. මෙන්ඩිස් සහ ගුණතිලක අගෝස්තු 9 දා අභියාචනා ඉදිරිපත් කළ අතර දික්වැල්ල දින තුනකට පසු අගෝස්තු 12 දින සිය අභියාචනා ඉදිරිපත් කළේය. මෙම අභියාචනා ප්‍රතික්ෂේප වුවද මෙම තහනම ඉවත් කිරිමට තවත් තීරණාත්මක සාධකයක් වී ඇති බවට සදහන්.

Leave a Comment

Exit mobile version